Friday, January 18, 2013
2 comments

බ්ලොග් අඩවියේ fonts වෙනස් කරන හැටි. (Add Costom font to blog)

7:30 AM


අපි සාදන බ්ලොග් අඩවියට අපි කැමති font එකක් නැතහොත් කැමති font family එකක් ඇතුලත් කරගන්නා හැටි හොයලා බලමු. බොහොමයක් දෙනෙක් blogger තුල තමන්ගේ blog අඩවිය නිර්මාණය කර ඇති නිස blogger තුලදි මෙය සිදුකරන අයුරු විස්තර කෙරුනත් වෙනත් ඔනැම තැනක නිර්මාණය කර ඇති බ්ලොග් අඩවියක font එක මෙ ආකාරයටම වෙනස් කරගත හැක.




Google Font API භාවිතයෙන් font එක වෙනස් කරමු.

අපි මෙ වැඩෙට භාවිතා කරන්නේ Google වෙතින්ම ලබා දෙන තවත් සෙවාවක්ය. මේයත් google නොමිලේ ලබා දෙන බැවින් ඔනැම කෙනෙක්ට භාවිතා කරන්න පුලුවන්. ෆොන්ට් එක වෙනස් කරන්න ඉස්සෙල්ල blog එකේ දැන් පවතින template එක backup කරගෙන ඉන්න.


Backup Blogger template

මෙය ඔනැම කෙනෙක් දන්නා දෙයක් blog Dashboard එකේ template tab එකට පිවිස Backup/Restore button එක click කිරිමේන් ලැබෙන popup windowඑකෙ Download Full Template යන්න Click  කිරිමෙන් දැන් තියෙන template එක Download කරගන්න පුලුවන්. මෙසේ template එකෙ backup එකක් ගන්නෙ font එක වෙනස් කරන විට අලුතින් HTML code යෙදිමට සිදුවෙ. එහිදි අප අතින් වැරදිමකින් අත පසු විමක් උනොත් නැවත තිබු තත්වයට blog එක පත් කරගන්න backup එක ප්‍රයොජනවත්වන නිසාය.

දැන් අපි font එක වෙනස් කරන්න පටන් ගමු. පළමුව සෙවාව ලබා දෙන www.google.com/webfonts වෙබ් අඩවියට පිවිසෙන්න. එහි ඇති font වර්ග ගනනාවක් අතුරින් ඔබ කැමති ෆොන්ට් එක තොර ගන්න. font එක තොරා ගත් පසු එහි ඇති Quick-Use යන්න click කර ඉදිරි පියවරට යන්න.


ලැබෙන අලුත් page එකෙදි font එකෙ ස්වභාවය වෙනස් කරගන්න පුලුවන්. කැමතිනම් වෙනස් කරන්න.

ඉන් පසු එම පගෙ එකැම ඇති font එකට අදාල HTML Code එක copy කරගන්න.


දැන් blogger වෙත ලොගින් වෙලා Blogger Dashboard එකෙ template tab එකට පිවිස Edit HTML යන්නෙන් Edit HTML page එක open කරගන්න.



Ctr+F භාවිතයෙන් <head> tag එක සොයාගන්න. ඒ tag එකට පහලින් Google font site එකෙන් ගත්ත HTML Code එක past කරන්න.

ඉට පස්සෙ කරන්න තියෙන්නෙ blog එකෙ අපිට ඔන තැන් වලට font එක ආදෙශ කර ගැනිමයි. එකට HTML Edit page එකේ </b:skin> tag එක සොයාගේන ඉට ඉහලින් font වෙනස් කිරිමට අදාල තැන් වලට ගැල පේන පරිදි code යෙදිය යුතුය.


උදාහරනයක් ලෙස.
h3.post-title {font-family: 'CustomFontName', serif;}

මෙහි post-title යනු ෆොන්ට් එක වෙනස් කිරිමට අවශ්‍ය ස්ථානයයි. CustomFontNameලේස ඇති තැනට Google Font වලදි ඔබ තේරු font එකෙ නම ලබා දෙන්න.

දැනටමත් ඔබෙ Template එකේ ඉහල දැක්වු පරිදි විවිධ තැන් වලට font යෙදු  code තිබිමට පුලුවන.  පොඩ්ඩක් හිතලා එම code වල font නම වෙනස් කිරිමේන් font එක වෙනස් කරගන්න පුලුවන්.


blog ලියන අපි කවුරුත් උත්සහ කරන්නේ හොද blog අඩවියක් පවත්වාගෙන යාමයි. හොද blog එකක content එකට අමතරව පෙනුමත් හොදට තියෙන්න ඔනෙ කියලා ඔයත් පිලිගනිවි. මේ ක්‍රමයෙන් font එක වෙනස් කරලා blog එකට අලුත් පෙනුමක් ලබා දෙන්න පුලුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉදිරියෙදි තවත් වැඩ කැල්ලක් blog එකට දගන්න පුලුවන් වෙන ලිපියකින් හමුවෙමු.

2 comments:

  1. ඔයා දන්නවද Blog Post දාද්දි සිංහල Font Use කරන්නේ කොහොමද කියලා. Gossip අඩවිය කරන්නේ අන්න ඒ විදියට.....

    ReplyDelete
    Replies
    1. එ කට්ටිය sett-decoder.appspot.com app එක භාවිතාකරනවා ඇති.

      Delete

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top