Wednesday, January 2, 2013
0 comments

Credit Card වංචා වලට වැට. Digital Display එකක් සහිත Code Sure.

8:00 AM




Visa/Shopping/Debit/Credit card දැන් අපිට අන්තර්ජාලයෙදි කරන ගනුදෙනු වලදි වගේම එදිනෙදා ගනුදෙනුවල්දිද නැතුවම බැරි දෙයක් වි අවසානය. එතරම් බාවිතයට Credit Card එක අපිට හුරුපුරුදු දෙයක් උනත් ගනුදෙනුකරන විටදී card එකෙ තොරතුරු වෙලදාම්කරුට ලබාදෙන්නෙ හිතෙ පොඩි සැකයක් තබාගෙනය. එ card එකෙ තොරතුරු භාවිතයෙන් ඔවුන් කිසියම් වංචාවක් කරයිදො යන සැකය නිසාය. දැන් මේවැනි Credit Card වංචාවලට හොද විසදුමක් විසා ආයතනය Code Sure හරහා ලබාදි තිබේ.

Code sure කියා හදුන්වන්නේ LCD display එකක් සහිත අමුතුපන්නයේ Credit Card එකකි. Shopping Credit/Debit Cards ලෙස දැන් යුරොපය පුරා භාවිතාවන මේ Card එකෙහි විෂේශත්වය වන්නේ, පොදු Credit card PIN අංකය වෙනුවට සැම ගනුදෙනුවක් සදහාම අලුතෙන් PIN අංකයක් නිර්මාණයකර දිමය.

සාමාන්‍යය Credit Card එකක ප්‍රමානය ගන්නා මෙහි 48px*8px ප්‍රමානයේ LCD Dispaly එකක් තිබේ  එමෙන්ම ඉලක්කම් සටහන් කිරිමට යතුරු පුවරුවක්ද සපයා ඇත. මෙහි ඇති LCD display එක ක්‍රියාත්මක කිරිමට අවුරුදු 3ක් පුරාවට බාවිත කල හැකි කුඩා බැටරියක් ඇත.


ගනුදෙනුවක් කිරිමට අපිට අවශ්‍ය වු විට අපගේ Card එකේ ස්ථිර PIN අංකය Card පතේ යතුරු පුවරුව අදාරයෙන් සටහන් කර, තහුරුකිරිමේ Button එක press කලවිට LCD display එකේහි නව PIN අංකයක් පෙන්නුම් කෙරේ. එම අලුත් PIN අංකය බාවිතා කර අපගේ ගනුදෙනුව සම්පුර්න කරගත හැක. මෙසෙ විවිධ අවස්ථා වලදි නව PIN අංක භාවිතා කරන නිසා Credit Card වංචා වලට ඇති ඉඩ කඩ සම්පුර්නයේන් ඇසිරි යයි. ගනුදෙනුව සම්පුර්න කරන කරන විට අපගේ Card එකේ ස්ථිර PIN අංකය හා Card එක මගින් ලබා දෙන PIN අංක ගැලපිය යුතුය. මෙම ගැලපිම කළ හැක්කෙ අවසරලත් මුල්‍ය සමාගම්වලට පමණි.

මෙය අත්හදා බලන විට කිසිදු ආරක්ෂක හො තාක්ෂනික ගැටලුවක් ඇති නොවු නිසා visa සමාගම යුරොපය පුරා රට වල බාවිතයට Code sure Cards නිකුත් කර ඇත. තව ටික කලකින් මෙම Code sure Cards ලොව පුරා ප්‍රචලිත වනු ඇත..


0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top