Sunday, January 20, 2013
0 comments

පිටසක්වල ජිවින් පවතින බවට ලොව ප්‍රථම සාක්ෂිය පොලොන්නරුව අරනගංවිලේන්.

7:30 AM


පොලොන්නරුව අරනගංවිල ප්‍රදෙශයට පසුගිය දෙසැම්බර් 29වෙනිදා(2012/12/29). අක්කරයක පමන භුමිප්‍රමානයක තැනින් තැන විසිරි තිබි හමුවු. අසාමාන්‍ය පාෂාන කොටස් දැන් තාරකා ජිව විද්‍යා ක්ෂෙත්‍රය උඩුයැටිකුරු කිරිමට සමත් වි තිබේ. එම පාෂාන සොයා ගත් ප්‍රදෙශයේ සිටින අය රාත්‍රි කාලයේ කිසියම් අත්බුත එලිද පසුගිය දවස් වල දැක තිබෙ. එම එලි වලට හෙතුව උල්කාෂ්ම බහුල ප්‍රදෙශයක් හරහා එ දවස් වල පෘතුවිය ගමන් කරමින් පැවතිම බව තාරකා විද්‍යාඥයන් විසින් 
පෙන්වා දෙන ලදි. එ අනුව එම  පාෂාන  පිටසක්වලින් පැමිනි උල්කාෂ්ම විය හැකි බවට ඔනැම කෙනෙක්ට සැකයක් පහල වේ.



එසේ සැක පහල වන විට පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු එවා අකුනු ගැසිමකින් පස් වල සිදු වු විපරිතවිමක් නිසා හට ගත් පාෂන බව පෙන්වා දෙනලද්දෙ මෙතෙක් ලංකාවේ හමු වු විශාලතම උල්කාෂ්මය පෙන්වා දෙන ගමන්ය. මෙ ප්‍රකාශ අතරතුරදි කොලඹ වෛද්‍ය පර්යේශන ආයතනයේ වෛද්‍ය අනිල් සමර නායක ඇතුලු පිරිස අරනගංවිලෙන් හමුවු එ අසාමාන්‍ය පාෂාන වල සාම්පල ‍රැගෙන පර්යේෂන කටයුතුවලට යොමු විය. එම පාෂාන වල සාම්පළ නාසා ආයතනයේ තාරකා විද්‍යඥ මහාචාර්‍ය රිචර්ඩ් බ්‍රි හුවර් මහතාටත් මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන්ටත් යොමුකලෙ  වැඩිදුර පර්යෙශන සදහාය. එම මුලික පර්යේශන ප්‍රථිඵල එකම වු නිසා වැඩිදුර පර්යේෂන සිදුකර මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් හා වෛද්‍ය අනිල් සමරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් Journal of Cosmology හි 21 වන වෙලුමෙ පර්යෙශන ලිපියක් පළ කලොය.

එම පර්යෙෂන ලිපි වලට අනුව එම උල්කාෂ්ම වල අභ්‍යන්තරයෙ ඩයටම් නැමති ඇල්ගා විශෙෂයේ ජිවින් සිටින බව හෙලිවේ. මෙය දැනට ජාත්‍යන්තරව පිලිගත් ප්‍රථම පිටසක්වල සිට පැමිනියේ යැයි සැල කරන ජිවි සාක්ෂිය බවට පත්වි තිබේ. මෙම උල්කාෂම වල අභ්‍යන්තරයේ
පොසිල බවනය වු ඩයටම මෙන්ම  ජිවි තත්වයේ සිටින ඩයටම සිටින බව බ්‍රිතානයෙ කාඩිෆ් විශ්ව විද්‍යාලේ ඉලෙක්ට්‍රොන අන්වික්ෂ මගින් මහාචාර්‍ය චන්ද්‍ර වික්‍රම සිංහයන් ලබාගත් ඡායාරුප වල පැහැදිලිව දක්නට ලැබේ. එමෙන් ම පසුගිය දවස් වල ඇද හැලුනු රතු වැස්සේ තිබි හමු වු ජිවි සෛල වලට සමාන සෛලද එම උල්කාෂ්ම අභ්‍යන්තායේ තිබි ඇත.එ අනුව. රතු වැසි වලටද හෙතුව පෘතුවිය මතුපිට සිට අහසට නැගුනු Trentepohlia ඇල්ගා නොව පිට සක්වල සිට උල්කාෂ්ම හරහා පැමිනි ජිවින් බව මහාචාර්‍ය චන්ද්‍ර වික්‍රම සිංහයන් පෙන්වා දෙයි. (රතු වැසි ගැන  පළ වු ලිපි රතු කහ වැසි වලට හේතුව ට්‍රෙන්ටපොලියා ද? ,රතු වැස්සේ අභිරහස සොයා යාම...........)

දැන් පිටසක්වල ජිවය පවතින බවට හොඳ සාක්ෂියක් ලංකාවේන් හමු වි තිබේ.  මෙ පිලිබදව තව දුරටත් පර්යෙශන නාසා ආයතනයේන් මෙන්ම තාරකා ජිවි විද්‍යාඥ මහාචාර්‍ය චන්ද්‍රා වික්‍රමසිංහයන් ඇතුලු පිරිස පවත්වන බැවින් තරකා ජිවි විද්‍යාවේ නව පිබිදිමක් අනාගතයෙදි අපට අපෙක්ෂාකළ හැක.

Journal of Cosmology හි 21 වන වෙලුමෙ 37වන ලිපියෙන් උපුටා ගත් පොලොන්නරුව උල්කාෂ්ම අභ්‍යන්තරයෙ තිබු ඩයටම(Diotoms)හා රතු වැස්සේ තිබු සෛල වලට සමාන සෛල වල ඉලෙක්ට්‍රොන අන්වික්ශිය ඡායාරුප කිහිපයක් පහත දැක්වේ.

පොසිල බවනය වු ඩයටම, රතුවැස්සේ සෛල වලට සමාන සෛල, ජිවි ඩයටම මෙහි දක්නට ලැබේ.
පොසිල බවනය වු ඩයටම මෙහි දක්නට ලැබේ.







0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top