Thursday, January 3, 2013
0 comments

රතු කහ වැසි වලට හේතුව ට්‍රෙන්ටපොලියා ද?

7:30 AM



රතු වැස්ස සමගම කහ පැහැති වර්ෂාපතනයන්ද දැන් අපේ රටෙ විවිධ ප්‍රදේශ වලින් වර්තා වි ඇත රතු වැසි වල මුලික පර්යේෂන කටයුතු , අතිත කරුනු හා පර්යේෂන සිදුකරන අයුරු මිට පෙර ලිපියකින් අපි කතා කලේමු. මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා පිටසක්වලින් පැමිනි ජිවි විශේෂයක්දො යන කල්පිතය මත පදනම්ව පර්යෙෂන කටයුතු සිදුකරන විට ලංකාවේ කැළණිය විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජිව විද්‍යා අංශයේන් අලුත් කල්පිතයක් ඉදිරිපත් වි ඇත.
මහාචාර්ය D L ජයරත්න 
ගාල්ල ප්‍රදෙශයේන් ලබාගත් රතු වැස්සේ ජල සාම්පල අධිබලැති ආලොක අන්වික්ශයකින් කල මුලික නිරික්ශනයකින් අනතුරුව. එහි ඇත්තෙ Trentepohlia නම් ජිවින් හා ඔවුන්ගේ බිජානු බව කැළණිය විශව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජිව විද්‍යා අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය D L ජයරත්න මහාතා පවසයි. ඔහු කල මුලික නිරික්ශන අනුව එම ජල සාම්පල වල සිටි ජිවින් ඝනකම් සෛල බිත්තියකින් හා සෛල කොපුවකින් ආවරනය වු ඔවලා කාර හො ගොලාකාර ක්ෂුද්‍ර ජිවි විෂේශයකි. එම ජිවින්ගේ සෛල අභ්‍යන්තරය අදුරු පැහැයක් වන අතර එම ප්‍රදෙශය දිප්තිමත්  පැහැයක් ගත් වළල්ලකින් වට වි ඇත. එ අනුව මේම වැස්ස රතු පැහැ විමට හේතුව Trentepohlia ජිවින්ගෙ  බිජානු හා ඔවුන්ගේ කැරොටිනයිඩ වර්ණක බව මහාචාර්ය තුමා පෙන්වා දෙයි.


Trentepohlia  යනු හරිත ඇල්ගි විෂේශයකි. සුන්‍යශ්ටික හෙවත් න්‍යශ්ටියක් සහිත ජ්වින් වන මේම  ජිවින් පහත පරිදි විද්‍යාත්මකව වර්ගිකරනය කර ඇත. 

  • Domain: Eukaryota
  • Kingdom: Viridiplantae
  • Phylum: Chlorophyta
  • Class: Ulvophyceae
  • Order: Trentepohliales
  • Family: Trentepohliaceae
  • Genus: Trentepohlia


ගල් තලා මත ලයිකන ලෙස Trentepohlia
මෙම ජිවින් බොහො විට ජිවත් වන්නේ සහබොජින් ලෙසය එනම් වෙනත් ජිවියකු සමග එක්වය.  දිලිර සමග ලයිකන ලෙස විශාල ගස් වල කදන් මත හා ශුශ්ක ගල් තලා වල බහුලව මේම ඇල්ගාව හමුවේ හරිත ඇල්ගාවක් නිසා ප්‍රභාසංස්ලෙෂනයේන් අහාර සකසා ගන්නා මෙම ජිවින්ට කැරටිනොයිඩ වර්නක නිසා රතු, තැබිලි හො කහ පැති වර්නයන්ගෙන් දැක ගත හැක.

ගල් තලා මත ලයිකන ලෙස Trentepohlia

ලංකාවේ දැන් ටොනේඩො තත්ව බහුල ව ඇති වේ. එ නිසාම මාලු වැසි කුනිස්සො වැසි පසුගිය දවස් වල අපිට දැක ගන්න පුලුවන් විය. මෙම Trentepohlia ඇල්ගාවන්ද එසේ ටොනේඩො තත්වයකින් ඉහල වලාකුලු අතරට ගොස් රතු වැස්ස ඇති වු බවට දැන් උපකල්පනය කරයි.

බො‍රැල්ල වෛද්‍ය පර්යෙශන ආයතනය රතු වැස්සෙ කල පර්යෙෂනයෙ දි එම ජල සාම්පල වල සිටි ජිවින්ගෙ න්‍යශ්ටියක් නොමැති බව අනාවරනය විය. නමුත් මෙම Trentepohlia ජිවින් සුන්‍යශිටික වන බැවින් එම රතුවැස්සෙ සිටි ජිවින්  ඇත්තෙනම Trentepohlia ද යන සැකය අපිට මතුවේ. එම ජිවින් Trentepohlia යන කරුන කල්පිතයක් බැවින් එ පිලිබදව වැඩිදුර පර්යේශන කළයුතුය. තවද බ්‍රිතාන්‍යයේ බකිම්හැන් විශ්වවිදයාලයේදි මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් කළ පර්යේෂන වලදි එම ජල සාම්පල වල බැර ලොහද තිබි ඇත. එබැවින් මේයට අභ්‍යවකාශයේන් පැමිනි උල්කාපාත වර්ශාවක්  සම්භන්ධ විය හැකි බවද චන්ද්‍රා වික්‍රමසිංහයන් පවසයි.

දැන් එම රතු, කහ වැසි ඇති වු ආකාරයට කල්පිත දෙකක් ඉදිරිපත් වි ඇත. ඇත්තටම මෙම වැසි ඇති වුවේ කොහොමද? ඉදිරි පර්යේශන කටයුතු සමහර විට මෙම ගැටලුව විසදාවි නැත්නම් මෙලෙස කල්පිත අතර දොලනය වේමින් රතු වැස්ස සැමදා පවතිවි. මෙම රතු වැසි ගැන අලුත්ම තොරතුරු ගැන ඉදිරියටත් අපි සකචඡාකරමු.

0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top