Friday, November 9, 2012
0 comments

2012/12/21 ට පෙර.......

11:16 PM





2012 අවුරුද්ද ඉවරවෙන්න ඉක්මනින්ම වාගේ දින ලංවෙන නිසා 2012 ගැන සටහනක් නොදැමුවොත් එය අඩුපාඩුවක් වැනිය. සමහර අය දැන් ලොකයේ සිදුවන ස්වභාවික විපත් දිහා බලලා 2012/12/21 ලොක විනාශය සිදුවිමට පටන් ගේන ඇතැයි සිතිමට පුලුවන. ලොකයම කලබා පසුගිය දවස් වල සැන්ඩි, සොන් ටෙන්,නිලන් තුන්දෙනා මහා විනාශයක් කලොය. බයවෙන්න දෙයක් නැ සාමාන්‍යයෙන් අවුරුද්දෙ මේ කාලයේදි සුලිකුනා‍ටු ඇතිවිමේ වැඩි ප්‍රවනතාව්ක් පවතින බව කාලගුණ දෙපාර්තුමෙන්තුව පවසයි. සමාන්‍යයෙන් අපේ රටේ කාලගුණ දෙපර්තුමෙන්තුව වැඩිමනක් මුසාබස් පැවසුවත් මෙ ප්‍රකාශය සත්ත්‍යක් බව අප අත්දැකිමෙන් දනිමු. කැනඩාව ආසන්නයේ රික්ටර් මාපකයේ 7.7 භුමිකම්පාවක් ඇති උනත් වාසනාවකට මෙන් එයින් සුනාමියක් ඇති නොවිය.

2003 අවුරුද්දේ සුමෙනියන්වරු හා නිබිරු වල්ගා තරුව ආශ්‍රයෙන් ගොඩ නැගුනු  පලමු ලොක විනාශ ප්‍රබන්දයේ සිට ‍රැල්ල්ට අසුවුවාක් මෙන් වඩා ලස්සන කට කතා හා මත රාශියක් මේ වන විට බිහිවි තිබේ. මේ දේවල් වලින් වැඩි දේනෙකුගේ අවදානය යොමු වි ඇත්තේ ප්‍රංශ ජාතික මිෂෙල් ඩි නොස්ට්‍රඩාමුස්ගෙ ආනාගත වාක්‍ය කෙරෙහිය. එ ඔහු ප්‍රකාශ කළ අනාගත වාක්‍ය වලින් කිහිපයක් මේ වන විට සත්ත්‍ය වි ඇති බැවිනි. ඔහු ප්‍රකාශකල දෙවල් වලින් හැබැවක් වුනු කරුනු මෙසේ දක්වන්න පුලුවන්,
  1. ලන්ඩන් මහා ගින්න
  2. නැපොලියන් හා හිට්ලර්ගේ නැගිටිම 
  3. සැප්තැම්බර් 11 ප්‍රහාරය
  4. ප්‍රංශ විප්ලවය
  5. පළමු හා දෙවනි ලොක යුද්ධ
  6. හිරොශිමා නාගසාකි ප්‍රහාරය
  7. සද ගමන
  8. චැලෙන්ජර් අභ්‍යවකාශයානයේ ඉරනම
  9. ජොන් F කෙනඩි ඝාතනය
  10. ඩයනා කුමරියගෙ මරණය

ඔහු මේ දෙවල් 1555 දි ඔහු ලියු The Prophecies නම් කෘතියේ හි සටහන් කර තිබුනි. මෙම කෘතියේහි ලොක විනාශයට හෙතුවිය හැකි කරුනක් පිලිබදව සටහන් කර තිබිම අන්දොලනයකට තුඩු දි  ඇත. ඔහු පවසා ඇත්තේ කිසියම් ආකාශ වස්තුව පමින පෘතුවියේ ගැටි එම විනාශය සිදුවන බවයි. එහෙත් මෙම ආකාශ වස්තුව මෙම අවුරුද්දෙ පෘතුවියේ ගැටෙන බවනම් ඔහු කියා නැත. ස්පෙස්ගාඩ් සර්වේ එනම් මෙවෙනි ආකාශ වස්තු ගැන සේවිල්ලෙන් ඉන්න විද්ඥාඥයන් පවසන විදිහට විශාල විනාශයක් කරන්න පුලුවන් ආකාශ වස්තුවක් ලගපාතක නැත.



ලොක විනාශය ගැන පතිරි ගිය අනෙක් කරුන නම් ග්‍රහ ලොක සියල්ලම එකට පෙලියකට පිහිටිමෙන් ලොක විනාශය සිදුවේ යැයි කියන කාරනාවයි. බුදුදහමේ සදහන් වන ඉරවල් 7 ක් පැයිමෙන් සිදුවන ලොක විනාශය ගැන කියවේන කාරනාව මෙයට ආදෙශ කර දැක්විමට ඇතැමෙක් උත්සහ කරයි. තව දශක කිහිපයකටවත් ග්‍රහ ලොක සියල්ල එක පෙලට පිහිටිමේ අවස්තාවක් නොමැති බව නාසා ආයතනය දැඩි ලෙස ප්‍රකාශ කල නිසා එම කතාව ග්‍රහාලොක තුනක් පෙලට හිටිමෙන් සිදුවන බවට පරිවර්තනය වුනි. මෙම කතාවට ඉජිප්තුවෙ පිරමිඩ ත්‍රිත්වයද පාදක කරගේන තිබේ. කෙසේ වෙතත් 2000 වසරෙදි හා 2010 වසරේදි ග්‍රහයන් 4 බැගින් එක පෙලට සිටියත් එමගින් පෘතුවියට කිසිදු බලපැමක් ඇති නොවිනි. ලබන මස තුන් වෙනිදා බුධ ,සිකුරු හා සෙනසුරු ආසන්න වශයෙන් එක පෙලට සිටිමේ අවස්තාවක් උදා වන බව නාසා ආයතනය පවසයි මෙයත් අවුරුදු 2737කට වරක් සිදුවන සිදුවිමකි. එහෙත් තනි ඉරක මෙම ග්‍රයන් නොපිහිටන බව NASA ආයතනය වැඩි දුරටත් දන්වා සිටි. එබැවින් ග්‍රහයන් 3ක් හො සියල්ලම එක පෙලට පිහිටිමෙන් ලොකවිනාශය 2012 සිදුවිමට ඉඩකඩක් නැති බව අපට මනාව වැටහේ. එහෙත් සුර්ය්‍ය කුනා‍ටු ගැන කවුරුත් බිය පල කරති. එ 2012 චිත්‍රපටය නිසා විය හැකිය. එහෙත්  ඉතා භයානක සුර්‍ය්‍ය කුනා‍ටුවක් ඇතිවිමට ඇති ඉඩකඩ අඩු බවද නාසා ආයතනය පවසයි.

සුමෙරියන්වරුන්ගෙන් පසු අල්ලගත් මයාවරුන්ගේ කතාව මායාවරුන්ගේ දින දර්ශනයේ ඉතිරි කැල්ල සොයාගැනිමෙන් යැටපත් වුවේ කාටවත් නොදැනිම වගේය. අප ඉතිහාසයෙන් කරගත යුත්තේ ඉතිහාසයේ වුන සිදුවිම් වලින් අනගතය ගොඩනගාගැනිම මිස අනාගතය විනාශ කර ගැනිම නොවේ යැයි සයිබර් හිරුගේ හැගිම.



හිරු පවතින තාක් හා පෘතුවියේ ජිවයට හිතකර සාධක පවතින තාක් පෘතුව්වියේ ජිවය පවතිනු ඇත. මිනිසා කවදා හෝ මහා නෂ්ට විමකින් නෂ්ට වි ගියද ජිවය පවතින තක් මිහිපිට අලුත් ජිවි වර්ග කරලියට පැමිනෙනු ඇත. ලොකවිනාශය වුනත් නැතත් එවාගෙ අලුත් ජිවියෙක් විදිහට ඉපදිමට හැකි යැයි සිතා.. ජිවත්විම අගනේ යැයි සිතේ. මන්ද මිනිසා බිහි වන්නට පෙර අපි මොන ජිවින් වි සිටියා ද කියා කාටද කියන්න පුලුවන්... පෘතුවියේ වයස දැන් අවුරුදු බිලියන 4.45කි . නුතන මානවයා එනම් අපි බිහිවි තවම ගෙවි ඇත්තෙ අවුරුදු 200,000කි . ඉට කලින් අපි මුලු කාලයම හිටියේ දිව්‍ය ලොක වලද  නැතිනම් සතර මහා අපායේද?

0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top