Sunday, December 30, 2012
4 comments

අන්තර්ජාලය භාවිතයේදි පැමිනෙන විවිධ error messeges

7:30 AM



අපි වෙබ් පි‍ටුවකට පිවිසිමට උත්සහ කරන විටදී එම වෙබ් පි‍ටුවට නොගොස් Browser එක මගින් අපිට අංකයක් සමග error message එකක් යොමු කරන අවස්තා අපි නොයෙකුත් අවස්තා වලදී දැක තිබෙනවා. එ පෙන්වන error messages වල එ අපි බැලිමට උත්සහ කල වෙබ් පි‍ටුවට පිවිසිමට නොහැකිවීමට හේතුව සදහන්ව තිබුනත් අපි එගැන වැඩි තැකිමක් නොකර නැවත නැවත එ පි‍ටුවට යන්න උත්සහ කලත් යන්න බැරිවන අවස්ථා සමහර විට ඔබත් අත්දැක ඇති. එ විදිහට අංක සමග පෙන්වන error messages ගැන ටිකක් හොයලා බලමු. 


400 Bad request
මෙලෙස අංක 400 සදහන්ව error එකක් පෙන්වු විට එයින් පැවසෙන්නෙ අපි browser එකෙහි සදහන් කර ඇති web ලිපිනය වැරදි බවය නැතහොත් එවනි වෙබ් අඩවියක් තවම අන්තර් ජාලයට නිකුත්කර නොමැති බවය. මෙවැනි අවස්තා වලදි වෙබ් ලිපිනයේ අපි සදහන් කර ඇති අක්ෂර සංඛේත නිවැරදි දැයි පරික්ෂා කළ යුතුය.

401 Unauthorized
ඔබට යම් වෙබ් අඩවියකට පිවිසිමට අවසර නොමැතිනම් අංක 401 සදහන් කර error message එකක් පෙන්වයි. මෙහිදි අදාල web අදවියේ ලියාපදිංචි වි ලැබෙන password එක භාවිතයෙන් ඇතුල්විම සිදුකලයුතුය.

403 Forbidden
ඉහත් ලෙසම ඔබට යම් වෙබ් පි‍ටුවකට පිවිසිමට අවසර නොමැතින්ම් 403 සදන්ව error message එකක් පෙන්වයි.

404 Page not found
අප පිවිසිමට උත්සහ කරන web අඩවියේ යම් තාක්ෂනික ගැටලුවකින් ඇතලු විමට නොහකිවු විට මේලෙස error එකක් පෙන්වයි. මෙහිදි නැවත් web පි‍ටුව reload කර පිවිසිමට උත්සහ කිරිමේම් එම වෙබ් පි‍ටුවට බොහොවිට පිවිසිය හැක. එම වෙබ් පි‍ටුව අදාල server එකෙන් ඉවත් ක්‍ර ඇති විටදිද මැලෙස පෙන්වයි. 

408 Request time out
ඔයා මන්දගාමි වු විට මෙලෙස error message එකක් පෙන්වන්න පුලුවන්. එයට කල  යුත්තේ ඉතා ඉක්මනින් ක්ෂනිකව අදාල link එක මත Click කර web පි‍ටුවට පිවිසිමය. නොයේකුත් නරක වැඩසටහන් වලින් වෙබ් අඩවි ආරක්ෂා කර ගැනිමට වෙබ් පි‍ටු වලට පිවිසිමට timing යොදා තිබිම මෙයට හෙතුවයි.

500 server error
අදාල වෙබ් පි‍ටුව තැම්පත් කර ඇති server එකෙහි ගැටලුවක් ඇති වු විට 500 සදහන් කර error message එකක් පෙන්වයි. ටික වෙලාවක් සිට නැවත එම  වෙබ් පි‍ටුවට පිවිසිමට උත්සහ කළයුතුය එවිට server එකෙහි ගේටලුවක් නොමැතිනම් අපට web පි‍ටුවට  පිවිසිය හැක.

502 Server overload
අදාල වෙබ් පි‍ටුඅවට පිවිස ඇති සේනග එනම් web traffic එක server එකට ඔරොත්තු දෙන නොදෙන තත්වයකට පත්ව ඇති විට අපට එම වෙබ් පි‍ටුවට පිවිසිය නොහැක. එවිට අංක 502 සහහන් ලළ error message එකක් පෙන්වයි. 

503 Service unavailable
අංක 503 සදන් කර message එකක් පෙන්වනවා නම් බලන්න internet card එක ඉවරදකියලා..ISP හෙවත් අපිට අන්තර්ජාල සෙවා සපයන්නා අපේ  internet Connection එක නතර කර ඇති අවස්තා වලදි ඉතා අවාසනවන්ත ලෙස මේ message එක පෙන්වයි. 

දැන් error messages  ගැන පොඩි දැනිමක් හරි තියෙන නිසා පිස්සු නැතිව internet browse කරන්න අපිට පුලුවන් වෙයි.

4 comments:

  1. Replies
    1. අදහස් පළකලාටත් ස්තුතියි! :-)

      Delete
  2. මෙක නම් ගොඩක් ප්‍රොයොජනවත් සහො පල කරාට ස්තුති

    ReplyDelete

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top