Saturday, February 16, 2013
0 comments

Computer එකේ වෙන දේවල් Mobile phone එකෙන් බලලා Computer එක පාලනය කරන්න ක්‍රමයක්.

6:30 AM




අපේ computer එක අපි ගෙදර නැති වුනාම නංගි හරි මල්ලි හරි ගෙදර ඉන්න වෙන කවුරු හරි අනිවාර්යේන්ම use කරන එක සාමාන්‍ය දෙයක්. එහෙම use  කරනකොට කරන වැඩ ගැන අපිට බලලා computer එක දුර ඉදන් පාලනය කරන්න පුලුවන් නම් හොදයි නේ? එතකොට අපේ යම් පාලනයකින් යුතුව තමා හැම වෙලාවෙම PC එක තියෙන්නේ. මේ වැඩෙටත් හොද software එකක් තියෙනවා නම Shutter මෙකෙන් අපිට අපේ mobile phone එක PC එකේ distance remote control එක විදිහට Use කරන්න පුලුවන්. 



shutter වලින් අපිට mobile එක හරහා PC එකේ මේ මොහොතේ තියේන විදියේ Screen shot එකක් ගන්න පුලුවන් වගේම PC එක Log off,shutdown,reboot, lock workstation,sleep,Hibernate,Hang Up.Monitor turn off, Mute/Unmute Master Volume,alarm වගේ වැඩත් කරගන්න පුලුවන්. මේකට mobile phone එකේ Internet connection එක ටිකක් හොද තත්වයේ තියෙන්න ඔනේ. එ වගේම computer එකත් internet connect වෙලා තියෙන්න ඔනේ.

Setup computer's remote control

අපි දැන් software එක use කරන විදිහ බලමු.  software එක install කරලා open කරාට පස්සෙ පහත් ආකරයට open වෙයි. එකේ තියන option button එක click කරන්න

 එවිට පහත් ආකාරයේ window එකක් open වෙයි. එකේ web interface tab එකට යන්න.

එකේ enable check box එක tick කරලා ඔයාගේ PC එකේ IP එකයි. port එකකුයි දෙන්න. phone එකෙන් login වෙන්න භාවිතා කරන්න Username එකක් හා password එකකුත් දිලා save කරන්න.

දැන් firewall එකෙන් shutter වලට permission දෙන විදිහට settings හදන්න. තව shutter, PC එක on කරන කොට start වෙන විදිහටත් settings හදන්න.

දැන් PC එකෙ කරන්න ඔනේ වැඩ ඉවරයි. ඉලගට Mobile phone එකෙන් log වෙන විදිහ බලමු. mobile එකෙ internet browser එක open කරලා. address bar එකේ shutter වල්දි දිපු විදිහට IP එකයි Port ඒයි දිලා browse කරන්න.

එතකොට password එකයි username එකයි ඉල්ලයි. එතනට software එකෙදි දුන්න විදිහට තොරතුරු දිලා login  වෙන්න. 


 ඉට පස්සෙ  shutter web interface එක open වෙයි.  ඔන්න දැන් එ interface එක පාවිච්චි කරලා ඔයාගේ PC එක controll කරන්න පුලුවන්..
මට නම් මේක මේ දවස් වල ගොඩාක් වටිනවා. PC එක on කරලා වැඩක් කර කර ඉදිද්දි මොකක් හරි වෙන වැඩකට හදිස්ස්යේ යන්න උනාම download,install වෙන දේවල් අතර මග නතර කරන්න බැරි නිසා එහෙමම තියලා යනවා. එතකොට  PC එක shutdown  කරන්නෙ මෙ ක්‍රමයෙන්. නැත්නම් කොහෙ හරි ගිහින් එනකොටත් computer එක on එකේ කරන්ට් බිලත් නැගලා...

0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top