Monday, January 7, 2013
2 comments

පරිගනකයේ BIOS වැඩසටහන මගින් පෙන්වන erro masseges හදුනාගැනිම.

2:45 PM




අපි පරිගනකයක් ක්‍රියාත්මක කළ විට(Boot up) BIOS වැඩසටහන මගින් (BIOS -Basic Input/Output System) කාර්යන් කිහිපයක් සිදුකර අපිට පරිගනකය භාවිතා කල හැකි තත්වයට පත් කරයි. මෙහිදි BIOS වල මුලික කාර්ය්‍ය වන්නේ  පරිගනකයට සම්බන්ද කර ඇති විවිධ දෘඩාංග (Hardwares) හා පරිගනක්යේ මතකය (RAM) පිලිබදව පරික්ෂා කර බලා එ පිලිබද තොරතුරු පරිගනකයේ පිහි‍ටුවා ඇති OS (Operating System eg: windows 7.. )  එකට ලබාදිමයි. මෙසෙ BIOS මගින් කරන පරික්ෂාකිරිම් වලදි අසුවන විවිධ දෝෂ අපිට erro massege එකක් මගින් Boot up විමෙදි පෙන්වයි. අප බොහො විට සිදු කරන්නෙ මැවැනි erro masseges නොතකා පරිගනක ක්‍රියත්මක කිරිමය. එය පරිගනකයට හානිදායක බැවින් එම error එකට පිලියම් යෙදිය යුතුය. එවැනි error maessege ගැන අදහසක් හා එවාට යොදන පිලියම් ගැන කරුනු ටිකක් සොයා බලමු.


BIOS වැඩ සටහන මගින් පෙන්වන error masseges හා එවාට පිළියම්



Non -system disk or disk error

හෙතුව - පරිගනකය මෙහෙයුම් පද්ධතියෙන් නොව වෙනත් ඩිස්ක් එකකින් බූට් විමට වෙර දැරිම
පිළියම- CD/DVD Drive වල Disks අමතක වි ඇත්දැයි බලා එවා ඉවත් කරන්න


Missing operating system Operating system not found

හෙතුව- පරිගනකයට මැහෙයුම් පද්ධතිය හදුනා ගැනිමට නොහැකි වි තිබේ.
පිළියම- BIOS Setup වැඩසටහනට පිවිස  එහි Hard drive settings පරික්ෂා කර එවා නියමිත පරිදි සකසන්න.


Memory address error. Memory test fail. Memory Parity error

හෙතුව - RAM හි ගැටළු තිබේ
පිළියම- RAM Card දැක ගලවා නැවත නිසි පරිදි සවි කරන්න.


Primary master hard disk fail. Hard disk drive failure C: drive failure. Not reading drive C: Fixed disk 0 failure

හෙතුව - පද්ධතියට දෘඩතැටිය සොයා ගැනිමට නොහැකි වි තිබේ.
පිළියම- BIOS setup හි Hard Drive සෙට්ටින්ග්ස් පරික්ෂා කර බලන්න. දෘඩ තැටියේ පවෙර් සහ ඩෙටා කෙබල් සම්බන්ධතා හරි හැටි තිබේදැයි පරික්ෂාකරන්න


KB/interface error. Gate A20 failure. Keyboard error.

හෙතුව- යතුරු පුවරුවෙ දෝෂ තිබිම.
පිළියම- යතුරු පුවරුව ගලවා නැවත සවි කරන්න. පුවරුවේ යතුරු සිරවි ඇත්දැයි පරික්ෂා කර බලන්න.


CMOS battery state. Low system COMS battery failed.

හෙතුව- COMS බැටරිය බැස ගොසිනි.
පිළියම - අලුතෙන් මව් පුවරුවට බැටරියක් යොදන්න.


COMS checksum error. CMOS checksum bad.

හෙතුව - CMOS settings වල වේනස්කම් පද්ධතියට නොගැලපිම. CMOS බැටරිය බැස යාම.
පිළියම - CMOS Settings පරිගනක පද්ධතියට ගැලපෙන්නේදැයි පරික්ශා කරන්න. නැත හොත් අලුතේන් COMS බැටරියක් යොදා බලන්න.

විවිධ BIOS/CMOS වැඩසටහන් අනුව පෙන්වන error messeges ද වෙනස් වේ. මෙහි දැක් වු වේ පොදුවේ BIOS වැඩසටහන් වල භාවිතා වන error masseges කිහිපයකි. එවායේන් අදහසක් ගෙන කවදාක හො BIOS හරහා පැන නගින ගැටලුවකට මුහුන දිමට සුදානමින් සිටිම එදාට Computer එක උස්සගෙන  Computer repair කඩෙකට දුවනවාට වඩා පහසුවකි.

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Mage Pc Eka on wenakota Mother board eke detail tika pennan ne.kelinma boot wenawa. Issella pennuwa meka hada ganna vidihak kiyanna puluwanda...

    ReplyDelete

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top