Wednesday, February 20, 2013
0 comments

නිල් හා කලු වැසි වලට හේතුව

7:00 AM



පසුගිය දවස්වල වර්තා වු රතු කහ වැසි වලට අමතරව වව්නියා ප්‍රදේශයෙන් 2013-01-23 වෙනිදා නිල් වැස්සක්ද 2013-01-11 වෙනිදා මහියංගන ප්‍රදේශ්යේන් කලු වැස්සක්ද වාර්තා විය. එ අතරම මහියංගනයේ ගෙවත්තකට 2013-01-04 වැනිදා උල්කාපතයක්ද කඩා වැටිනි. මේ සිදුවිම් සම්බන්දව රතු වැස්ස පිළිබදව ද පර්යේෂන පවත්වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ ඇතුලු පර්යේෂන කන්ඩායම මුලික පර්යේෂනයක් පවත්වා එහි පර්යේෂන වාර්තාවක්  2013-02-13 වේනිදා පලවු Journal of Cosmology හි පල කරන ලදි. එ වර්තාවට අනුව කලු හා නිල් වැසි වල එම පැහැයට හේතු වි තිබෙන්නේ රතු වැසි වලට හේතු වු ආකාරයටම ක්ෂුද්‍රජිවි විශේෂයකි.


රතු වැසි ජල සාමපල වල සිටි හදුනානොගත් ජිවින්
එම ක්ෂුද්‍ර ජිවින් හදුනා නොගත් විශේෂයකට අයත් වන අතර එම ජිවින් උල්කාපත හරහා හෝ වේනත් ක්‍රමයකින් විශ්වයේ සිට පැමින වැස්සට එක් වු බව එම පර්යේශන පත්‍රිකාවේන් තහවුරුකර සිටිනවා. මහියංගනයට පතිත වු උල්කාපතය හමු වි ඇත්තේ කලු වැස්ස පතිත වු ප්‍රදේශයට 25km නුදුරිනි. එසේ සොයා ගත් උල්කශ්මය තුල සිටි ක්ෂුද්‍ර ජිවින් හා කලු වැස්සෙ ජල සාම්පල වල සිට ක්ෂුද්‍ර ජිවින් අතර බාහිර හැඩයේන් සමානකමක් ඇති බව මහචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ ඉදිරි පත්කරන පර්යේශන පත්‍රිකාවේ පෙන්වා දෙනවා. ඒ අනුව කලු වැස්සේ පැහැයට හේතුව පිට සක්වල ජිවින් බවට උපකල්පනය කළ හැකියි.  එම උපකල්පනය පිළිබදව තව දුරටත් මහචාර්ය තුමා ඇතුලු පිරිස පර්යේෂන පවත්වයි.

මේ සොයා ගැනිම තව දුරටත් තහවුරු වුවහොත් මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් 2000 වසරෙදි ඉදිරිපත් කළ පැනස්පර්මියා වාදය තහවුරු කර ගැනිමට තවත් සාක්ෂියක් එකතුවේයි. රතු වැස්සේ පැහැයට හේතුව ටෙන්ට්‍රපොලියා නම් පෘතුවිය මත ජිවත් වන ජිවින් බව ලංකාවේ පර්යේෂන කන්ඩායමක් පෙන්වා දෙන ලදි. කෙසේ වුවත් රතු වැස්සට හේතුව ටෙන්ටපෝලියා නොවන බව මෙම නවතම පත්‍රිකාවේන් තහවුරු කරන්නේ එම රතු වැස්සේ ජ්වින් තවදුරටත් හදුනා නොගත් ඩයටම විශේෂයක් යැයි කියමිනි. තවමත් රතු වැස්සේ ජිවින් සූන්‍යෂ්ටිකද ප්‍රාග්න්‍යෂ්ටික යැයිද කියාවත් හදුනාගේන නොමැති බව එතුමා තව දුරටත් පෙන්වා දෙයි. 


Photos of microorganisms in meteorite, black rain, blue rain of srilanka



කලු වැස්සේ හා උල්කාපතය තුල සිටි ජිවින්
නිල් වැස්සෙ ජල සාම්පල වල සිටි ජිවින්
කලු වැස්සේ ජල සාම්පල වල සිටි ජිවින්
 මේ කාලවකවානුව තාරකා ජිව විද්‍යා ක්ෂේත්‍රයට වැදගත් වන බව නෝඅනුමානය මේ තොරතුරු වලට අනුව රතු, කහ ,නිල්,කලු වැසි පිලිබදව තව බොහො පර්යේෂන සිදු කිරිමට මේම පර්යේෂන කණ්ඩායම් වලට සිදුවේයි. එම පර්යේෂන වල නවතම තොරතුත් ඉදිරියේදි අපි සයිබර් හිරු හරහා සොයා බලමු.

විස්තර හා ඡායාරුපMICROORGANISMS IN THE COLOURED RAIN OF SRI LANKA ( Journal of Cosmology, Vol.22, No.1 published, 13 February 2013 )



0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top