Sunday, February 10, 2013
2 comments

පෘතුවියේ ගෑවි නොගෑවි යන 2012 DA14

6:30 AM



2012 DA14 Asteroid


2012  ලොකේ කට්ටිය ලොක විනාසේ ගැන ගොඩාක් කතා කලා නේ. එතකොට වැඩියෙන්ම කතා කලේ නුබේරු නම් ග්‍රාහකයක් පෘතුවියේ ගැටි පෘතුවිය විනාශ වේන ආකාරය පිලිබදවයි. එ කාලෙම එනම් 2012 පෙබරවාරි 23 වන දා ස්පාඤ්ඤයේ අභ්‍යාවකාශ මධ්‍යස්තානයකදි පෘතුවිය දෙසට එන ග්‍රහකයක් සොයා ගනු ලැබුවා. එක නම් කලේ 2012 DA14 කියලා. එ කාලයේ තිබුන කතා බහ නිසා තාරකා විද්‍යාඥයොත් හිටියේ මේ ගැන දැඩි විමසිල්ලකින් හා බයකින්. දැන් තාරකා විද්‍යාඥයන්ගේ නවතම ගනනය කිරිම් අනුව 2012 DA14 ගමන් කරනු ඇතැයි අපේක්ෂා කර්න්නේ පෘතුවියට ගෑවි නොගෑවි.

මිටර් 45ක විෂ්කම්භයක් එනම් පාපන්දු පිටියකින් භාගයක් තරම් විශාල වන මෙම ග්‍රාහකය මෙට්‍රික්ටොන් 130,000 ක් පමන වන දැඩි පාෂාන වලින් යුක්ත වන අතර දින 336ක් වන කක්ෂිය කාලයකින් යුත් කක්ෂයක ගමන් කරයි. නවතම ගනනය කිරිම් අනුව 2012 DA14, 2013 පෙබරවාරි 16 වනදා අලුයම 12.55 පෘතුවිය මධ්‍යයේ සිට 34100KM ක්පමන දුරින් එනම් පෘතුවිය මතුපිට සිට 28,000KM දුරකින් ගමන් කරනබව හෙලිවෙයි. පෙබරවාරි 15 වනදා සාමාන්‍ය දුරේක්ෂයකින් මෙම ග්‍රාහකය එ අනුව පැහැදිලිව නිරික්ශනය කරන්න පුලුවන්. 1990 සිට මෙ දක්වා සිදු කර ඇති තාරකා විද්‍යා නිරික්ශන අනුව පෘතුවියට මේ තරම් ලගින් ග්‍රාහකයක් ගමන් කර නොමැති බව NASA ආයතන්යේ Near Earth Object Program හි විද්‍යාඥයන් පවසයි. නැවතත් කක්ෂ්යේ ගමන් කරලා මෙම 2012 DA14 ග්‍රාහකය පෘතුවිය ආසන්න්යේන් යන්නේ 2046 එත් 60000KM පමන දුරින්. පෘතුවියේ සිට සඳ ට ඇති දුරේන් 1/6 ක් පමන ආසන්නයේන් 2012 DA14 ග්‍රාහකය ගමන් කර්න නිසා 30000KM ඉහල අභ්‍යවකාශයේ රදවා ඇති සන්නිවේදන චන්ද්‍රිකා වලට සමහර විට බලපැමක් සිදුවිය හැකි බව විද්‍යාඥයන් පවසයි. එ වුනත් චන්ද්‍රිකා 2ක් අතර 94KM පමන අවකාශයක් සාමාන්යේන් පවතින නිසා හනි සිදුවිය හැකි ස්ම්භාව්‍යතාව අඩු බවද ඔවුන් කියා සිට්යි.


NASA එකෙන් උපුටා ගත් 2012 DA14 ග්‍රහකයේ ගමන් මග දැක්වෙන සටහනක්

2012 DA14 ග්‍රාහකය පෘතුවිය මත ගැ‍ටුනහොත් TNT මෙගා ටොන් 2.5 පිපිරුමකට සමාන ශක්තියක් නිද්හස් වනු ඇති. ඇරිසොනාවේ සැතපුමක් තරම පලලකින් යුත් ආවාටයද මෙවැනිම ග්‍රාහකයක්  ගැටිම නිසා ඇති වු බව විශ්වාස කේරේ. ආසන්නතම ගර්හකයක් නිසා පෘතුවියට සිදුවු විනාසය වාර්තා වන්නේ 1908 දි සයිබිරියාවෙනුයි. එ විනාශය නිසා වර්ග සැතපුන් සිය ගනනක වනාන්තර පද්ධතියක් විනාශවි ගොසින්. 2012 AD14 වලින් පසු නැවත ග්‍රාහකයකින් බලපැමක් පෘතුවියට ඇතිවන්නේ මෙතෙක් සොයාගැනිම් වලට අනුව 2036 අප්‍රේල් 13 වේනිදා Apophis නම් ගාහකයෙන්. Apophis පෘතුවියේ ගැටිමට ඉඩකඩ වැඩි බව නවතම වර්තා වලින් හෙලිවෙනවා. Apophis පෘතුවියේ ගැ‍ටුනොත් TNT මෙගා ටොන් 500කට සමාන ප්‍රථිඵලයක් ඇති වන බව NASA එක වැඩි දුරටත් පවසා සිටිනවා.



2012 AD14 පෘතුවියෙ නොගැටෙන බව තහවුරු කලත් සැම විටම NASA එකෙ Goldstone රේඩාර් පද්ධතිය මෙන්ම තවත් දියුනු රේඩාර් පද්ධති ගනනවක් 2012 AD14 වල ගමන් මග පිලිබදව නිරන්තරව අධ්‍යනය කරමින් මේ වෙනකොට සිට්යි.. බැරි වෙලා වත් ගමන් මග වෙනස් උනොත් ?

2 comments:

  1. මේක වැටුනොත් වැටෙන්නේ ශ්‍රී ලංකාවත් පිලපීනයත් අතර මුහුදට කියලත තියනවා කොහෙදේ තිබ්බා. එහෙම වැටුනොත් මීටර් ගණනක සුනාමි තත්වයක් රටවල් විශාල ගණනකට බලපැවැත්වෙන බව කිව්වා. එහෙම උනොත් ලංකාවෙන් බාගයක් වගේ නැතිවෙයි කියලත් හිතෙනව. තවත් මාලදිවයිනට මොනවා වෙයිද කියල හිතාගනනවත් බැරිවේවි.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම විනාශයක් වෙන්න පුලුවන් හැබැයි ගමන් මග වෙනස් වෙන්න කලින් කොහෙට වැටෙයිද කියලා හරියටම කියන්න බැ.. එක අනුමානයක් විතරයි..පෘතුවිය හා එ ග්‍රහකය අතර ඇතිවන ගුරුත්වාකර්ශන බලබැම හෝ වෙනත් බාහිර බලපැම බලපැමකින් ග්‍රාහකයේ ගමන් මග වෙනස් වෙලා පෘතුවිය දෙසට ඇදුනොත් හරියටම 2012 DA14 පෘතුවියේ ගැටෙන ස්ථානය කට්ටියට කියන්න පුලුවන් වෙයි.....

      Delete

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top