Sunday, March 31, 2013
2 comments

හැමොටම දැනුනු Cyber Attack එක

6:36 AM




ලංකාවේ අපිට වගේම ලොකයේ සැම රටකම අන්තර්ජාලය භාවිතා කරන්නන්ට දැනේන අයුරින් Cyber-Attack එකක් පසුගිය මාර්තු මස 27 වෙනිදා සයිබර් අවකාශය තුලදි සිදුවිය. මේ හේතුව නිසා අන්තර්ජාලයේ වේගය (Internet speed) අඩුවු ආකාරය ඔබත් සමහර විට අත් විදින්න ඇති. මේ නිසාම  27-28 දින දෙකේදිම ලංකාවේ අන්තර්ජාල සේවා සපයන සෙවා ආයතන වලට විශාල ප්‍රමානයක් පැමිනිලි ගලා ආවේ Internet speed එක අඩු බව කියමිනි. සමහර ADSL සබදතා වල වේගය 100kb/s - 50kb/s තරම් අඩු අගයකට පත් වු ආකාරය අපිට දැක ගන්නට ලැබුනා.

මේ තරම් බලබැමක් කිරිමට සමත් වු මෙම සයිබර් ප්‍රහාරය, spam වලට එරහිව ක්‍රියාකරන Spamhaus නම් ආයතනය හා webhosting සෙවා සපයන Cyberbunker කියන ආයතන දෙක අතර ඇතිවු ගැටලුවක අවසන් ප්‍රතිඵලයයි. Spamhaus ආයතනය Cyberbunker ආයතනයට චොදනා එල්ල කරමින්. ඔව්න්ගේ Spam ගොනුවට Cyberbunker ඇතුලත් කර Cyberbunker ආයතනය විසින් බේදා හරින email ආදිය Block කිරිමක් සිදුකර ඇත. එම ක්‍රියාව Spamhaus ආයතනයේ අභිමතය පරිදි සිදුකරන අනවශ්‍ය බලපැමක් යැයි කියා, Cyberbunker ආයතනය රුසියාවේ හා නැගෙනහිර යුරොපයේ සිටින අන්තර්ජාල අපරාධකරුවන් හා එක්ව Spamhaus ආයතනයේ servers වලට මේම සයිබර් ප්‍රහාරය සිදුකර ඇත.



300GB/s තරම් විශාලත්වයකින් යුත් මෙම සයිබර් ප්‍රහාරය හැදින් වෙන්නේ DDoS(Distributed Denial of Service) වර්ගයේ ප්‍රහාරයක් ලෙසය. මෙවැනි ප්‍රහාරයක් සිදු කිරිමට අන්තර්ජාලයේ විවිධ තැන් වල සිටින විශාල පිරිසක් එකතුවිය යුතුය. මේම ප්‍රහාරයට පෙර ඇති වු විශාලම DDoS ප්‍රහාරය 2010 දි සිදුකර තිබේ. එහි විශාලත්වය වි ඇත්තේ 100GB/s තරම් ප්‍රමානයකි. මෙවර ප්‍රහාරය 300GB/s තරම් විශාල වු නිසා servers වල ඇති වු අධික තදබදය හෙතුවෙන් විශාල ලෙස අන්තර් ජාලය මන්දගාමි විය.




මේ කාලය සයිබර් අවකාශයේ සිතල යුදකාමි තත්වයක් ඇති වි තිබෙන කාල සිමාවක් කියලා කියන්න පුලුවන්. Spamhaus ආයතනය spam වලට එරහිව වැඩකරන ආයතනයක් නිසා නිතරම සිට්යේ මෙවැනි ප්‍රහාරයක් අපෙක්ශාවෙන් හා දැඩි ආරක්ෂාවක් ලබාගෙනය. එවැනි තත්වයකදි සිදුවු මෙම ප්‍රහාරයේන් අන්තර්ජාල අපරාධ කරුවන්ගේ එකමුතුව හා බලවත් කම මැනවින් පෙන්නුම් කරයි. එ නිසාවෙනම් ලොව සැම රාජ්‍ය ආයතනයක්ම තමන්ගේ රටේ සයිබර් අවකාශයේ ආරක්ශාව ගැන වැඩි අවදානයක් යොමු කරමින් සිටියි. මේ සිදුවන සිදුවිම් අනුව මිලගට ලොක යුද්ධයක් ඇති උනහොත් එහි බලවත්කරුවන් මේම Hackers ලා වෙන්නත් පුලුවන්.

2 comments:

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top