Friday, March 29, 2013
0 comments

ඇස් වල බැල්ම වැ‍ටුනු Samsung Galaxy S4

11:26 AM




Smart Phone ලොකයට අලුත් තාලයේ වැඩ කැලි ටිකක් එක් කරමින් කවුරුත් බලා සිටි Samsung Galaxy S4 පසුගිය මාර්තු 15 වෙනිදා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදි ඒළි දැක්විය.  කවුරුත් අපේක්ෂාකලාට වඩා වැඩි විශේෂාංග ගනනාවක් ඉදිරි පත් කරමින් ‍රැස්ව සිටි පිරිස පුදුමයට පත් කිරිමට Samsung Galaxy S4 සමත් විය.

1.6 GHz Exynos 5 CPU එකකින් හා 2GB of RAM එකකින් බලගැන්වෙන Galaxy S4 5-inch Full HD Super AMOLED screen එකකින් හා 13MP camera වකින් සමන් විත වෙයි. OS එක ලේස නවතම Android Jelly Bean 4.2.2 යොදාගේන තිබේ.

ලිපියේ මාතෘකාව ලැස ඇස් වල බැල්ම ව‍ටුනු Samsung Galaxy S4 ලස යොදා ගත්තේ එහි සතුව ඇති නවතම ගුනාංග නිසයි. අපේ ඇස් වල චලන වලින් පාලනය කල හැකි විදිහට එම ගුනාංග එක් කර ඇත. එම ගුනාංග ගැන එකින් එක බලමු.

Special features of Samsung Galaxy S4

Smart Scroll

අපි phone එකෙන් email read කරන අවස්තා වල්දි screen එක touch කරමින් scroll කිරිමට සිදුවෙනවා. Galaxy S4 සතුව ඇති Smart Scroll පහසුකම නිස අපිට අතින් scroll නොකරම අසේ බැල්මේන් පහසුවෙන්  Scroll කිරිමට පුලුවන්. අප ඇස යවන තාලයට එහි Scroll විම සිදුවෙයි.


Smart Pause

මේ පහසුකම වැදගත් වන්නේ අපි phone එකෙන්  movies බලන අවස්තා වලදිය. අපි movie එක බලමින් සිටින විට යම් එහෙකින් අපේ ඇස screen එකෙන් ඉවතට ගත් විට movie එක play විම ඉබේම pause විමට ලක් වෙයි. නැවත screen එක දිහා බැලු විට නැවත්වු තැන සිට movie එක play වෙයි. මේ නිසා දැන් movies මග නොහැර පහසුවේන් නරබන්න පුලුවන්


Air View

Samsung Galaxy S4 හි ටච් screen එක සතුව ඇති විශේෂ ගුනාංගයක් මෙලෙස හැදින් වේ. ඇත්තෙන්ම එම ටච් Screen එකෙන් වැඩ කිරිමට ටච් කළ යුතු නැත.  ඇගිල්ල screen එකට කිට්‍ටු කිරිම පමනක් සැහේ. එ නිසා Phone එකට ඉහලින් අගිල්ල එහා මේහා කරමින් වැඩ කටයුතු පහසුවෙන් කරගන්නට පුලුවන්.


Air Gesture

ඇගිල්ලෙන් screen එක හසුරුවිමට අමතරව අතේ චලන වලින් phone එකෙ screen එක හසුරු වන්නට පුලුවන් විම Air Gesture ලෙස හදුන්වයි. මෙ නිසා Galaxy S4 එකේ web page අතර මාරු විම වැනි කටයුතු පහසුවෙන් කරගන්නට පුලුවන්.


Samsung Knox

මේ පහසුකම අලුතෙන් ආ blackberry phone වලින් copy කරපු පහසුකමක්. මේහිදි. profile 2ක් අපට phone එක තුලදි සාදා ගත හැක. එනම් එකම phone එක අවස්තා දෙකකදි pone 2 ක් ලේස භාවිතා කරන්නට පුලුවන්. උදාහරනයක් ලෙස office එකෙදි phone එක භාවිතා කරන විදිහ හා නිවසෙදි phone එක භාවිතා කරන විදිහ වෙනස් නිසා ඉට ගැලපේන ලේස අවස්තානුකුලව phone එක සාදා ගන්නට මේ පහසුකමේන් පුලුවන්.



Samsung Galaxy S4 මේ විශේෂාංග වලින් පැමිනෙන්නෙ අනෙකුත් smart phone එකක තියෙන්න ඔන සියලුම ගුනාංගද සමගය. 3G වලට අමතරව 4G LTE සන්නිවෙදන තාක්ෂනයට ගැලපෙන ලේස Samsung Galaxy S4 නිපදවා ඇති නිසා අනෙකුත් දුරකථන සාමගම් සමග හොද තරගයක් දිමට Galaxy S4 හට හැකියා ව ලැබෙවි.

0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top