Thursday, September 26, 2013
2 comments

Web Browsers වල save කර ඇති passwords බලන හැටි

7:00 AM



අපි කුමන හො වෙබ් අඩවියකට email එකක් හා password එකක් ලබාදි ඇතුල් වන විට web browser එක මගින් password එක save කර ගැනිමට විමසනවා. එවිට අපි password එක web browser එකේ save කල විට නැවත එම වෙබ් අඩවියට log විමෙදි පහසුවනවා. මෙසේ save කරන passwords කාටවත් බලාගන්න නොහැකි යැයි ගොඩාක් අය සිතාගෙන සිටියත් මේ විදිහට save කරන passwords ඔනැ කෙනෙක්ට කිසිම අමතර software එකක් නොමැතිව පහසුවෙන් බලාගැනිමට web browser වල පහසුකම් ලබාදි තිබෙනවා. එ විදිහට passwords බලාගන්න හැටි මේ ලිපියෙන් අපි විමසා බලමු.

View saved passwords of google chrome


Google chrome තුල save කර ඇති passwords බලා ගැනිමට පහත Path එක address bar එකේ සදහන් කොට enter button එක press කළ යුතුය. එවිට Browser එකේ save කරලා තියෙන passwords පිලිවෙලට ඔයාට බලාගන්න පුලුවන්.
chrome://settings/passwords 


View saved passwords of firefox


firefox තුල save කරලා තියෙන passwords බලාගැනිමට firefox browser එකේන් tools tab එකෙන් option window එක open කරගන්න. එහි security pane එකට පිවිසෙන්න.


දැන් saved passwords button එක උඩ click කරන්න. එවිට browser එකේ දැනට save කරලා තියෙන passwords බලාගන්න පුලුවන්.


View saved passwords of internet explorer


internet explorer වල save කරලා තියෙන passwords බලා ගන්න නම් ක්‍රමයක් එයින් සපයා නැ. නමුත්  Reveal Passwords bookmarklet script එක භාවිතා කරලා අපිට . web site එකකට පිවිසිමෙදි එහි save කරලා තියෙන passwords බලාගන්න පුලුවන්.



මේ විදිහට ඔයා save කරන passwords ඔනැම කෙනෙකුට clicks දෙක තුනකින් බලාගන්න පුලුවන්. මොන තරම් antivirus software භාවිතාකලත් වැඩක් නැතිවෙයි මෙවැනි සුලු දෙවල් ගැන සැලකිලිමත් නොවුනොත්, මොහොතකින් ඔයාගේ සියලුම තොරතුරු Hackers ලා අතට පත් වෙන්න පුලුවනි. මොකද අපේ computer එක පාවිච්චි කරන්න දෙන යාලුවන් ගැනත් 100% විස්වාසය තබන්න බැනේ.

2 comments:

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top