Wednesday, August 7, 2013
0 comments

Windows password reset කරන හැටි

7:30 AM



අපේ windows පරිගනකයේ ආරක්ෂාවට අපි widows login password එකක් දානවා. ඔහොම දාන password එක බැරිවෙලාවත් අමතක උනොත් අපිට අනිවාර්යේන් password එක reset කරන්න වෙනවා. මිට පෙර අපි Windows installation disc එකක් නැතුව Windows password reset කරන හැටි ගැන දැන ගත්තා. මේ post එකෙන් අපි බලමු bootable disc එකක් තියෙනකොට ඒ disc එක භාවිතාකරලා password  එක reset කරන ආකාරය.

ඉස්සෙලාම computer එකේ CMOS/BIOS settings වල Disk Boot වන පිලිවේල වෙනස් කරලා DVD/CD එකේන් පළමුව boot වන විදිහට settings හදලා. Windows installation Disc එකේන් computer එක boot කරන්න.

මම භාවිතා කරන්නේ windows 7 DVD එකක්. මේ ක්‍රමයේන් Windows 8 වලත් password එක reset කරන්න පුලුවන්. 
Disc එක boot කරාම එන screen එකේන් Repair your computer යන්න select කරන්න.

ඉන් පසුව open වන window එකෙන් Command Prompt එක open කර ගන්න.


open උන command prompt එක පහත command එක type කරලා original sticky keys file එක backup කරගන්න.


copy c:\windows\system32\sethc.exe c:\



backup කරගත්තාට පස්සේ cmd.exe sticky keys over right වන විදිහට පහත පරිදි command එක දිලා copy කරගන්න. (OS එක දාලාතියෙන hard drive partition  එක අනුව C: වෙනස් කරගන්න.)


copy c:\windows\system32\cmd.exe c:\windows\system32\sethc.exe


දැන් disk එක ඉවත් කරලා Computer එක reboot කරන්න.


Reset the password



Computer එක reboot වෙලා login screen එක ආවාම Shift key එක 5 වතාවක් press කරලා administrator mode command prompt එක ඔපෙන් කරගන්න.

දැන් password එක reset කරන වෙලාව. එකට open කරගත්ත Command promt එකේ පහත command එක ලභාදෙන්න.


net user geek MyNewPassword


මේ commamd එකේ geek කියන තැනට ඔයගේ username එක දෙන්න. MyNewPassword කියන තැනට අලුත් password එකක් දෙන්න. 

Password එක reset උනාට පස්සෙ අලුත් password එකෙන් ඔයාට Computer  එකට logging වෙන්න පුලුවන්.

windows වලට login උනාට පස්සෙ installation CD එකේන් අපි අලුතේන් copy කරපු sethc.exe file එක (c:\windows\system32\sethc.exe) වෙනුවට අපි backup කරගත්ත පරන sethc.exe (c:\sethc.exe) file එක replase කරන්න.  

මේ විදිහට Windows DVD එකක් තියේන ඔන කේනෙක්ට ඔයාගේ computer එකේ password එක reset කරන්න පුලුවන් කියලා දැන් දන්න නිසා වැදගත් කියන datas තියේන ඔයාගෙ compuer එකේ ආරක්ෂාව ගැන දෙවරක් හිතන්න වෙනවා. එකට පහත ලිපි ටිකත් ඔයාට වැදගත් වෙයි.


ඔයාගේ computer එකට කවුරුහරි log වු විට එ බව දන්වා email එකක් inbox එකට ගෙන්වා ගන්න හැටි


0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top