Monday, April 15, 2013
6 comments

Windows XP වලට කරන සැලකිලි 2014න් ඉවරයි.

10:15 AM




ලංකාවේ නම් Windows XP කියන්නේ බොහොමයක් දෙනේක් තවමත් භාවිතා කරන ඉතා ජනප්‍රිය OS එකක්.  එ වගේම ලංකාවේ තැන තැන බිහි වෙලා තියෙන Computer Corse කරන කඩ වලත් තවමත් Windows XP වලින් වැඩ කාර්යෝ වගේ වැඩ දාලා සල්ලි ගරන්නේ, Computer එක නම් Windows Xp  කියන මතය Computer එකක් අලුතින් අත පත ගාන අයගේ හිතට කාවැදි ඇති නිසාය.  එ වගේ කඩ වලින් course කරපු කට්ටිය ඉතින් Windows XP වලින් එහාට හිතන්නවත් සමහර විට යන්නේ නැ.  ඉතින් මේ වගේ Windows XP වලට ඇබ්බැහි වුනු කට්ටියට දුක හිතෙන ආරංචියක් පසුගියදා Microsoft සමාගම නිවේදනය කලා. එනම් 2014 අප්‍රේල්  8 වේනිදාඉන් පසුව Windows XP වලට දැන් කරන සැලකිලි සියල්ල නවතා දමන බවය.



අවුරුදු 12 ක්තරම් පැරනි Windows XP වල "Mainstream support" එක 2009 දි Microsoft සමාගම අවසන් කලත්  "security patches updates" හා technical support එක තවමත් Microsoft ලබා දැනවා. මේසෙ කරන සැලකිලි සියල්ල 2014.04.08 වෙනිදායින් පසුව නවතිනවා ඇති එ කියන්නේ Windows XP කෞතුකාගාරයට යන බවය.



මෙසේ Windows XP ,Microsoft අත හැරියාම අනේකුත් සියලුම Hardware සහ Software නිපදවන සමාගම් XP අත හරිනවා ඇති. දැන් windows 98 වල mozilla Firefox වඩ නොකරනවා වගේ අලුතින් එන කිසිම software එකක් හෝ Hardware කිසිම දෙයක් XP සමග වැඩ නොකරනවා ඇති. 

Windows XP පාරිබොගිකයන් සියල්ල Windows 7 හරි Windows 8 වේත යොමු කර ගැනිමෙ අදහසින් Microsoft මේ පියවර ගෙන තිබෙනවා.

Windows  ලංකවේ කට්ටිය රුපියල් 100 CD එකකින් හරි DVD එකකින් හරි ගත්තට Windows වානිජයම OS එකක් නිසා Microsoft කියන කියන පදයට Windows පාවිච්චි කරන අයට නටන්න වේනවා. දැන් Windows 7 පාවිච්චි කරන අයටත් සැලකිලි තියෙන්නේ 2020 වෙනකම් විතරයි. ඉට පස්සෙ XP වගේ 7 OS එකත් Microsoft කෞතුකාගාරයට.


Windows XP අතාරින්නම බැරිනම්...


Windows Xp වල පමනක් වැඩකරන සමහර පැරනි softwares තවමත් ප්‍රයොජනවත් නම්,  Windows 7 වල තියේන “Windows XP Mode” feature  එක භාවිතා කරලා ඒ softwares වලින් වැඩ ගන්න පුලුවන්. නැත්නම් "virtual machine" එකක් හදාගේන windows XP දාගේන වැඩ ගන්න වෙනවා.

දැන් Windows XP භාවිතා කරන අයට අනිවාර්යේන්ම Winows 7වලට හරි Windows 8 වලට හරි Microsoft කියන විදිහට මාරු වෙන්න වෙනවා. නැත්නම් පරන Softwares වලින් වැඩ කරගේන Virus වලින් බැට කකා ලිං මැඩියේක් වගෙත් ඉන්න පුලුවන්.

මේ වගේ වානිජ Softwares පාවිච්චි කරනකොට තත්වේ මේකයි. ඉතින් අපේ වගේ රටකට ගැලපේන linux වගේ open sourse softwares ගැන දැන්වත් හිතුවොත් හොදයි නේද?



6 comments:

  1. ගොඩක් වටින පොස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වුවාට ස්තුතියි...!

      Delete
  2. hmm..apinm 7..xp use krna eyt sry tma..thanks post 1k dammt

    ReplyDelete
    Replies
    1. අපිත් 7 පාවිච්චි කලාට 7 වලටත් ඉදිරියෙදි මේ වගේ කාලයක් එයි.... එතකොට අපිටත් sry ම තමා... :-D

      Delete
  3. godak sthoothi bro...
    hnda wistharayak..digatama liyanna...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහොදරයා !! :D

      Delete

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top