Monday, April 8, 2013
2 comments

ලංකාවෙන් නව යොධ දිවි මකුළු විශේෂයක් සොයා ගනි.

7:30 AM





තිස් අවුරුද්දක යුදධය නිසා පරිසර ගවේශකයන්ට මග හැරි ගිය උතුරු ප්‍රදේශය දැන් ඔවුන්ගේ පරිසර ගවේශන වලට හොදම ප්‍රදේශයක් වි ඇති බව පෙනෙන්නේ අලුතින් හදුනා නොගත් නව ජිවින් එම ප්‍රදේශයේන් හදුනා විටදිය. ලංකාවේන් මෙතෙක් හමු නොවු, විශාල දිවි මකුලු විශේෂයක් උතුරේ මාන්කුලම් ප්‍රදේශයේන්  දැන් හමුවි තිබේ. 

පොලිස් නිලධාරි මයිකල් රාජකුමාර් පුරාජ ගේ මගපෙන්විම පරිදි. රනිල් නානායක්කාර ඇතුලු කන්ඩායමට මාන්කුලම් රොහලේ පරන වෛද්‍ය නිල නිවාසයක් අසලදි  මෙම යොධ දිවි මකුලුවන් හමුවි තිබේ. රනිල් නනායක්කාර මහතා ලංකාවේ ජෛව විද්‍යාත්මක පර්යෙෂන හා අධ්‍යාපන කටයුතු ආරම්භයට මුලිකත්වය ගෙන කටයුතු කළ අයෙකි. මෙම නව දිවි මකුළු විශේෂය විද්‍යාත්මක ලේස Poecilotheria rajaei නමින් නම් කර ඇත.

male Poecilotheria rajaei

මෙම යොධ මකුලුවන්ගෙ කකුල් අතර පරතරය අගල් 8ක් පමන වන අතර. එම මකුලුවන්ගෙ උදර ප්‍රදේශය විවිධ රටාවන්ගෙන් විචිත්‍රවත්ය. විෂකුරු හා ඉතා වේගවත් වන මෙම මකුලුවන්. Poecilotheria ගනයට අයත් වන අතර ලොව විශාලම දිවි මකුළුවා වන දකුණු ඇමරිකාවේ Goliath bird-eater නම් යොධ දිවි මකුළුවන්ටද නැකම් කියයි.

Poecilotheria rajaei ගේ විචිත්‍රවත් උදර ප්‍රදේශය

නානායක්කර මහතාට අනුව මෙම මකුලුවන් වෙසෙන්නේ හොදින් වැඩුනු විශාල පරන ගස් මතය. වනාන්තර විනාශය නිසා මෙවැනි ඇ‍රැක්නිඩාවන් වද වි යාමෙ තර්ජනයට මුහුන දෙමින් සිටි. මෙසේ හදුනාගත් නව යොධ දිවි මකුලු විශේෂය ගැන තවදුරටත් පර්යෙෂන පර්යේෂන කන්ඩායම් විසින් පවත්වන්නේ මෙම  නව මකුලුවාගේ වර්ගිකරනය තහවුරුකර ගැනිම සදහාය.

2 comments:

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top