Wednesday, December 5, 2012
0 comments

විකිපිඩියා QR Codes සමග පාරට වැටේ...

10:03 PM



විකිපිඩියා අපි කොයි කවුරුත් දන්න ලොව විශාලම online free encyclopedia වයි. Wikipedia කියන්නේ ලොව ඇති ශක්තිමත් සෙවාවක් නිසා විකිපිඩියාව පාරට වැටෙයි කියලා කිව්වාම සමහර විට පුදුම වෙන්නත් ඇති. සමහර අය පාරට වැ‍ටුනාම අනිත් අයට කරන්නෙම කරදරයක්නෙ.. එත් මේ Wikipedia  QR Code සමග පරට බහින්නේ අපිට කරදරයක් කරන්න නම් නෙවයි. අපිට ඉතා ප්‍රයොජනවත් වන සේවාවක් ලබාදිමටයි. මේ කාර්ය්‍ය කරන්න යන Wikipedia ප්‍රධානින් කියා සිටින්නේ අපේ ඔන්ලයින් විශ්වකොෂ සේවය ඔෆ්ලයින් ලොකයට සම්බන්ධ කරන්න යන බවය.

අපි සාමාන්‍යයේන් විශේෂ ස්ථානයකට ගියාම ඒ ස්ථානය පිලිබදව තොරතුරු සොයා ගැනිමට ඒ පිලිබදව  search engine වල search කිරිමක් සිදුකර එ පිලිබද තොරතුරු සොයාගැනිමක් සිදුකරනවා. මේ වැඩේ ටිකක් වේලා යන වැඩක් නිසා එම ස්ථානයෙදිම එම ස්ථානය පිලිබද තොරතුරු අඩංගු Wikipedia පි‍ටුවට තමන්ගේ smart phone එක භාවිතයෙන් පිවිසිමට පහසුකම් සැලසිමට දැන් Wikipedia  කටයුතු කරගෙන යයි. මේ සදහා තොරතුරු අඩංගු Wikipedia web පි‍ටුවට යන link එක අතුලත් කර සකස් කරන ලද QR Codes ඔවුන් භාවිතා කරයි. QR Code පිලිබද තොරතුරු දැන ගන්න මේ ලිපිය කියවන්න. 

Wikipedia පි‍ටු වලට links සැදු QR Codes සහිත පුවරු මේ අනුව Wikipedia වේ අය සැම තැනකම පිහි‍ටුවිමට යයි. එවිට වැඩියෙනම වාසි සිදුවන්නෙ සංචාරකයන්ටය. ඔවුන්ට කාගෙන්වත් උදවු නොමැතිව QR Code කියවමින් තමන්ගේ සංචාරය නිදහසේ සිදුකරගැනිමට පුලුවන. එමෙන්ම ඉගේනගන්න කැමති අයටත් යම් ස්ථානයක් ගැන නොදන්න දෙයක් එසැනින් එම ස්ථානයේ සිටම තමගෙ mobile phone එක භාවිතයේන් QR Code එක ස්කැන් කර දැන ගැනිමට පුලුවන. මේ වැඩේ අත්හදා බලලා තියේන්නේ බ්‍රිතාන්‍ය දුපතක් වන ගිබ්‍රාල්ටාවෙනි. ලොව ප්‍රකට සංචාරක පුරවරයක් වන එහි වසර 50000 කට එපිට කාලයෙ නියැන්ඩතාල් මානවයන් විසු ලෙන් සමුහයක් පවති. එවයේ විස්තර කියවිමට QR code සහිත පුවරු Wikipedia විසින් සවිකර තිබේ. දැන් එම සංචාරක පුරවරයේ කිසිදු මග පෙන්වන්නෙක් හෝ මුලාශ්‍ර පොත් භාවිතයෙන් තොරව සංචාරකයන්ට සංචාරය කල හැකි බව ඒ අත්හදා බැලිම සාර්ථක බව පවසමින් Wikipedia කියා සිටි.

භෞතික ලොව හයිපර් ලින්ක්ස් හෙවත් QR Code භාවිතයෙන් Wikipedia මේ කරන වැඩෙ ඉතා සාර්ථක හා ප්‍රයොජනවත් දෙයක් යැයි ඔනැම කෙනෙක් ට වැටහේ. ඉතින් ලංකාවෙ වැදගත් තැන් වලත් Wikipedia ඇවිත් QR Code අලවයිද නැදද කියලා නම් කියන්න බැ. මොනවා උනත් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව වැනි ලංකාවෙ වැදගත් තැන් භාරව සිටින ආයතන වලට නම් මේ ක්‍රමය ගොඩාක් ප්‍රයොජනවත් වෙයි..


0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top