Tuesday, September 25, 2012
One comments

සීඝ්‍රගාමි WINDOWS (පළමු වැනි ක්‍රමය.)

7:21 PM



 ඔයගේ computer එක ගත්ත පළවෙනි දවස මතකද? අලුතෙන්ම windows දාලා තිබූන Computer එකේ speed එක අද තියෙනවට වඩා වඩියෙන් තිබුනා නෙද? ඒ තිබුන speed එක ඉටත් වැඩියෙන් දැන් තියෙන computer එකට ගන්නෙ කොහොමද කියලා අපි බලමු.

පිලිවෙලට වැඩ කරන එක ජිවිතෙට බොහොම හොද පුරුද්දක් ඒ වගෙම computer එකටත් පිලිවෙල අවශ්‍යයි. පිලිවෙලට files ටික තිබුනාම OS එකට එවා run කරන්න ඉතා පහසුයි. එතකොට  ඉතා ඉක්මනින් ඒ files read කරලා OS එකෙන් අපිට පෙන්වනවා. windows වලදි අපිළිවෙලට තියෙන files fragmented files ලෙස හදුන්වයි පිළිවෙලකට මේ files සැකසීම Defragment කිරිම ලෙස හදුන්වයි. දැන් අපි Defragment කරන විදිහ පියවරෙන් පියවර බලමු.

පලමුවෙන් My Computer >> Right Click on a drive >> properties යන path එක අනුගමනය කර properties window එක open කර ගන්න.


Properties window එකෙහි tools tab එක Click කරන්න එවිට පහත පරිදි window එකක් Open වේ.



එහි Defragment Now යන්න Click කර Disk Defragmenter tool box එක open කර ගන්න.


දැන් OS එක Install කරල තියන drive එක volume යැටතෙන් select කර window එකෙහි පහත ඇති Defragment Button එක  Click  කරන්න. ඔන්න දැන් අපිලිවෙලට තියෙන files පිලිවෙලකට හැදෙන්න පටන් ගන්නවා. මෙ වැඩේ ඉවර වෙනකන් ඉන්න එකට ටික වෙලවක් ගතවෙයි. ඔයගේ partition එකේ size එක වැඩි නම් ගොඩාක් වෙලා යයි. ටිකක් ඉවසලා ඉන්න. ඔක්කොම ‍files Defrag වුනාට පස්සෙ පහත පරිදි report එකක් ලබෙයි. ඔනෙනම් එකත් බලලා. එකත් close  කරලා  දැන් Shut down  කරලා  අය turn on කරලා බලන්න. වෙනදාට  වඩා ඉකිමනින් Boot වෙනවා ඔයාට බලන්න පුලුවන්. දැන් කොහොමද Speed එක?


මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කොමෙන්‍ටුවකින් අහන්නකො..... තවත් ක්‍රම සහ විඩි speed එක වැඩි කරගන්න තියෙනවා. ඒව ගැනත් ලිපි මලාවකින් දැනගන්න ලැස්තිවෙලා ඉන්න......


1 comments:

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top