Log in to a website with multipe accounts
Web අඩවියකට Log වෙනකොට ඒ බව Browser එකට විශේෂ වු Cookies තුල ගබඩා කරගන්න්වා. එම නිසා එක් වරකදි සාමන්‍ය විදිහට එකම web Browser එකකින් accounts කිහිපයකට log වෙන්න බැ. එ නිසා open කරන නව window එක එයටම විෂේශ වු cookies සහිතව open කරගන්න අපිට වෙනවා. එවිදිහට අලුත් Cookies සහිතව Browser window එකක් open කරගන්න අපිට තියේන මාර්ග ගැන එකින් එක විමසා බලමු.
වේනත් Browser එකක් භාවිතා කරන්න.
විවිධ Browsers තමන්ට ආවේනික cookies ගබඩා කරන නිසා. විවිද browsers වලින් එක් වරකදි එකම web site එකක accounts කිහිපයකට log වෙන්න පුලුවන්. උදා හරනයක් ලැස ඔයා දැන් chorme වලින් facebook log වෙලා ඉන්නවානම් Firefox බාවිතා කරලා එ වේලාවෙදිම වෙනත් facebook account එකකට log වෙන්න පුලුවන්.
Private Browsing හෝ Incognito mode භාවිතා කිරිම.
ඔයාට වෙනත් Browsers භාවිතා කරන්න බැරිනම්. මේ ක්‍රමය එසේ log වෙන්න භාවිතා කරන්න පුලුවන් . Private Browsing හෝ Incognite Mode එකේන් Window එකක් open කරාම භාවිතා වන්නේ එම window එකටම විෂේශ වු අලුත් cookies. එම window එක close කරාම එම cookies වුත් ඉබේම Delete වෙනවා. එ විදිහට private browsing කරන විදිහ බලමු.
Google Chorme තුලදි නම් menu button එක click කර New incognito window select කරන්න. එවිට අලුතෙන් Window එකක් open වෙවි.
Firefox තුලදි නම් Firefox button එක click කර start Private Browsing Select කරන්න.
Internet Explorer තුලදි නම් gear menu icon එක click කර safety හරහා Inprivate Browsing select කරන්න. එවිට අලුතෙන් window එකක් open වෙවි.
මේ ක්‍රම වලට අමතරව විවිධ Browser Profiles භාවිතා කරලත් අලුත් cookies වලින් web sites භාවිතා කරන්නත් පුලුවන් Google Chorme තුලදි Profiles හදන විදිහ ගැන මිට ලියවුනු ලිපියේන් දැන ගන්න පුලුවන්. Google Chrome තුලදි Google Accounts කිහිපයක් එකවර භාවිතා කරන අයුරු..
සමහර අයට හිතෙන්න පුලුවන් මේ වගේ පොඩි දෙවල් blog වල ලියන්න වටින දෙවල්ද කියලා.... එ වුනත් මේ වගේ පොඩි tricks ගැන නොදැනුවත්කම නිසාම ගොඩාක් දෙනෙක්, වැඩ පහසු කරගන්න තියේන computer එකත් එක්ක දුක් විදිනවා කියන එකත් අපි අමතක කරන්න හොද නැ...
thanks bro
ReplyDelete