Wednesday, June 12, 2013
0 comments

My Computer Window එකට Shortcuts එකතුකරන හැටි.

7:30 AM



සාමාන්‍යයේන් windows තුලදි  My Computer Window එක open කළ විට අපට දක්නට ලැබේන්නේ Hard drive එකේ partitions, DVD/CD Drive  හා My documents open කිරිම සදහා වන icon පමනි. මේ window එකට අපි කැමති වැඩසටහනක හො folder එකක shortcut එකක් එක් කරන්න නිකමට වත් හිතලා බැලුවද? ඉතා ලෙසි පියවර කිහිපයකින් අපිට windows 7 වල හා windows 8 වල My computer window එකට shortcuts එකතුකරගන්න පුලුවන්. මේ ක්‍රමය windows vista හා XP වලදි නම් වැඩ කරන්නේ නැ.

උදාහරනයක් විදිහට අපි VLC player එකේ shortcut එකක් එකතුකරන හැටි බලමු. පලමුවෙන්ම keyboard එක Win+R එකවර  press කරලා  Run Box එක open කරගන්න.


Run box එකේ පහත තියේන පත් එක සටහන් කරලා enter press කරන්න.

%appdata%\microsoft\Windows\Network Shortcuts

එවිට පහත පරිදි window එකක් open වේවි.  එහි New item button එක click කළ විට ලැබේන drop down menu එකේන් Shortcut යන්න තොරන්න.

එවිට Create Shortcut wizard  එක open වෙවි. එහි shortcut එක සැදිය යුතු programme එකේ හෝ folder එකේ path එක නිවෙරදිව ලබා දෙන්න මෙහිදි vlc එක සදහා path එක ලබා දි ඇත. ඉන් පසු next යන්න ලබා දෙන්න.

ඉලගට ලැබෙන window එකේදි shortcut එකට නමක් ලබාදි finish button එක click කරන්න.

දැන් My computer window එක open කරලා බලන්න.... ඔයා add කළ shortcut එක ඒ window එක තුල තිබෙන අයුරු දක්නට ලැබේවි...


0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top