Friday, April 5, 2013
6 comments

ඵලදායි Google සෙවුම් ප්‍රතිඵලයකට Google Search Engine Tricks

7:30 AM




Google සාමාගම කියන්නේ අන්තර්ජාලයේ බලසම්පන්නම හා විශාල තොරතුරු සමුදායක් හිමි, දැවැන්ත සාමගමක් කියා අපි කොයි කවුරුත් හොදින් දන්නවා. ඔවුන් සතුව ඔබේ පෞද්ගලික තොරතුරු වල සිට ඉතා බලසම්පන්න ආයතන වල තොරතුරු දක්වා සැම දෙයක් ගැනම තොරතුරු ඇත. ඔවුන් ඒ විශාල තොරතුරු සමුදාය අවශ්‍යතාවය පරිදි ලොකයාට ලාබා දෙන්නේ අපි දවසකට එක් වතාවක් හෝ පිවිසෙන Google search engine එක හරහාය. ඒ අනුව ඔයාගේ ආවශ්‍යතාවය අනුව ඔනැම දැයක් ගැන තොරතුරු Google හරහා ඔනැම විටකදි ලබාගත හැක. සමහර අය Google search engine එකට Internet දේයියා කියලත් කියන්නේ හිතන ඔන දැයක් ගැන තොරතුරු Google හරහා ලබා දෙන බවට තිබේන විශ්වාසය මතය. මේ කියන දෙයියාගේන් හරිම තොරතුරු ලබා ගන්නට නම් අපිට ඔන දේ ගැන නිවරදිව දෙයියාට පැවසිය යුතුය. ඒනම් නිවැරදිව Search කළ යුතුය. එහෙනම් අපි නිවැරදි Search කිරිමකට උපකාරි වන tricks ටිකක් ගැන හයලා බලමු.


නියත වාක්‍ය ඛන්ඩයක් සොයාගැනිම

Exact Words and Phrases


අපට අවශ්‍ය වචන දෙකක් හෝ කිහිපයක් සදහන් කරන අයුරින්ම තිබේන තැන් සොයා ගැනිමට Google search engine එක තුල එම වාක්‍ය පෙරලි කොමා දෙකක් තුල සදහන් කර search කළ යුතුය. උදාහරනයක් විදිහට. Hello World වචන දෙක තිබේන අයුරින්ම ලබාගෙන ඇති ආකාරය බලන්න.



සෙවුම් ප්‍රතිඵලයේන් වචනයක් ඉවත් කිරිම

Excluding a Word


ඔයාගේ සෙවුම් ප්‍රතිඵලයට යම් කිසි වචනයක් ගැන තොරතුරු සදහන් විම අවශ්‍ය නොවේ නම් එම වචනයට පෙර ඉරි කැල්ලක්(-) යොදලා සේවිම සිදුකළ යුතුය. උදාහරනයක් විදිහට linux distributions ගැන දැනගන්න ආවශ්‍ය උනත් Ubuntu ගැන දැන ගන්න ඔනැ නැත්නම් පහත රුපයේ ආකාරයට සෙවිම සිදුකළ යුතුය.



විශේෂ වෙබ් අඩවියක සදහන් තොරතුරු පමනක් ලබා ගැනිම

Site Search


යම් කිසි වෙබ් අඩවියකින් පමනක් යම් දෙයක් ගැන තොරතුරු ලබා ගැනිමට සේවුම කළ යුත්තේ site:වෙබ් අඩවිය සේවියයුතු වචන යන ආකාරයට සදහන් කරය උදාහරනයක් ලැස Cyber Hiru තුළ Windows ගැන සොයලා තියන විදිහ බලන්න.

විශේෂ domain  නාම සහිත වෙබ් අඩවි වලින් තොරතුරු ලාබාගැනිමටද මෙ ක්‍රමය යොදා ගන්න පුලුවන් . උදා හරනයක් ලෙස .edu site වලින් විතරක් තොරතුරු ගන්න ඔනේ නම් site:.edu වචනය  ලේස සෙවුමට ලබාදිය යුතුය.



සමාන පද සොයන අයුරු.


Search Related Words


යම් කිසි වචනයක් හා ඉට සමාන පද ඇති වචන සහිතව සේවුම් ප්‍රතිඵල ලබා ගැනිමට අවශ්‍ය නම් වචනයට පෙර "~" ලකුන යෙදිය යුතුය. උදාහරනයක්  ලෙස house යන්න සොයා ඇති ආකාරය බලන්න එහි Search results වල house යන්නට සමාන පදයක් වන home යන්නත් සදහන් වි ඇත.



වචන අතරට ආදේශක වචන සදහන්ව සේවුම් ප්‍රතිඵලය ලබා ගැනිම


අපට අනුමාන කළ නොහැකි වචන සදහා ගැලපුම් වචන සදහන් ව සෙවුම් ප්‍රතිඵලය ලබා ගැනිමට එම වචන වෙනුවට "*" සලකුන යෙදිය යුතුය. උදාහරනයක් ලෙස google සමාගම මිලදි ගත් දෙයක වටිනාකම් අප නොදන්නේ නම් එය සොයා ගන්නා ආකාරය පහත පරිදි වේ.

“google purchased * for * dollars”





යම් කිසි පරාසයක තොරතුරු සොයාගැනිම

Search a duration


යම් කිසි පරාසයක තොරතුරු සොයා ගැනිමේදි එම පරසය සදහන් කළ යුතුය. උදාහරනයක් විදිහට 2008-2010 කාල පරාසයේදි Ubuntu පිළිබදව සොයා ගන්නේ නම් පහත පරිදි සේවුම කළ යුතුය.

ubuntu 2008..2010



විශේෂ file එකක් සොයා ගෙනිම

Search a special file  type


යම් කිසි file type එකකින් ප්‍රතිඵල සොයන්නේ නම් එම file type එක සදහන් කළ යුතුය. එසේ file type එක  සදහන් කරන ආකාරය පහත Biology PDF Books සොයා ඇති ආකාරයේන් ඔබට අවබොධ කරගන්න පුලුවන්.



වචන දෙකක් ගැන එක් වරකදි සේවිම.


එකවරම වචන දේකක් ගැන සොයන්න අවශ්්‍ය නම් එම වචන දෙක අතරට  OR යන්න කැපිටල් අකුරින් සදන් කරන්න Mother සහ Father කියන වචන දෙක ගැන සොයා ඇති ආකාරය  බලන්න.



වචනයක තේරුම දැන ගැනිම.

Use Google as a Dictionary

Google search Engine එක Dictionary එකක් විදිහටත් ඔබට පාවිච්චි කරන්න පුලුවන් වචනයක තේරුම දැන ගැනිමට එම වචනය ඉදිරියේන් define: යන්න යොදලා සෙවුම සිදු කරන්න. උදා හරනයක් ලෙස "Mother" වචනය සොයා ඇති ආකාරය බලන්න.




Google එකෙන් ගනන් හැදිම

Use google as a calculator 

Google සෙවුම් යන්ත්‍රය calculator එකක් ලේසත් පාවිච්චි කරන්න පුලුවන්. පහත රුපයේ එලේස Google භාවිතයේන් ගානක් හදලා තියන විදිහ බලන්න.
(4 + 2) * (6 / 3)



එකක පරිවර්තනය කිරිම.

Google as a Units Converter

Google භාවිතයේන් යම් කිසි එකකයක ඇති අගයක් තවත් එකකයකට පරිවර්තනය කිරිමට එම යෙදිම සිදුකළ යුත්තේ X [units] in [units] ලෙසය
උදාහරනයක් විදිහට පහත සේවිම සිදුකළ ඇති ආකරය බලන්න. 
5 nautical miles in kilometers

මේ Google Tricks ටිකෙන් විශාල ප්‍රයොජන රාශියක් ඔයාට ලබාගන්න පුලුවන්. ටිකක් හිතන්න... 2010-2012 කාල පරස්යේ දි සාදන ලද ජිව විද්‍යාව ගැන ලියවුනු PDF ebook එකක් හොයනවා නම් මේ tricks ටිකෙන් එක පහසුවෙන් සොයා ගන්න පුලුවන් නේද? දැන් ඉතින් එක දෙයක් ගැන හොයන්න Google දෙවරක් නොව එක් වරක් පාවිච්චි කරන්න මේ tricks ටික භාවිතා කරලා ඔයාට පුරුදු වෙන්න පුලුවන්..

6 comments:

  1. digatama karan yanna.hodai

    ReplyDelete
    Replies
    1. නිර්නාමිකව හො අදහස් දැක්වුවාට ස්තුතියි !

      Delete
    2. Very useful. Thank you so much. I wish you all the best!

      Delete
    3. also thank you very much for your wishes and commenting.. :D

      Delete
  2. With EasyHits4U you can earn free advertising credits by surfing other website-ads from a membership base of over 1,200,000 accounts. Earn advertising credits faster with a view per view model.

    ReplyDelete
  3. Submit your blog or website now for appearing in Google and 300+ search engines!

    Over 200,000 sites indexed!

    Submit NOW with I NEED HITS!

    ReplyDelete

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top