Wednesday, March 27, 2013
0 comments

Bootable DOS USB Drive එකක් සාදා ගන්නා ආකාරය

7:30 AM




Windows වල ආගමනයට කලින් රජා වගේ හිටපු  DOS වලින් දැන් වැඩක් ගන්නේම නැති තරම්.   සමහර අලුත්ම computers වල DOS install කරලා company වලින් එව්වට අපි එකට අනිවාර්යේන්ම Windows හරි Linux හරි install කරගන්නවාමයි. නැත්නම් ඒ computer එකේන් වැඩක් නැනේ. එ තරමට DOS අපෙන් ඇත් වේලා. 

DOS එ විදිහට අපෙන් ඇත් උනත් විවිධ ප්‍රයොජන අපට දැනුත් DOS වලින් ලබා ගන්න පුලුවන්. එ ප්‍රයොජන අතරේ අපේ Computers වල BIOS වැඩසටහන් update කරන්න DOS භාවිතා කරන්න පුලුවන්. එකට ඉස්සර භාවිතා කළ floppy disks ලේසියේන් භාවිතා කරන්න පුලුවන්. එත් දැන් floppy යක් බෙහෙතකටවත් හොයාගන්න නැ නෙ. ඒ නිසා මේ වැඩෙට අපිට DOS වලින් boot වෙන USB Drive එකක් සාදා ගන්න වෙනවා.

How to Create a Bootable DOS USB Drive

Windows වලදි Pen drive එකක් format කරන කොට "Create an MS-DOS startup disk" 
කියන option එක Hide වෙලා තියෙන්නෙ. එ නිසා windows භාවිතයේන් Bootable DOS USB Drive එකක් සාදා ගන්න අපිට අවස්තාව නැ. Windows අපිට එ අවස්තාව ලබා නොදුන්නත් Rufus කියන පොඩි Software එකෙන් අපිට පහසුවෙන්ම  Bootable DOS USB Drive එකක් සදා ගන්න පුලුවන්.



පලමුවෙන්ම rufus මෙතනින් Download කරගන්න. rufus කුඩා software එකක් නිසා install කරන්න ඔනෙ නැ. USB Pen Drive එක Computer එකට සම්බන්ධ කරලා Download කරගත්ත  .exe file එක run කරන්න. එවිට පහත් ආකාරයට window එකක් open වෙයි. 



දැන් Bootable USB Drive එක හදන්න සුදානම්. Bootable disk එක හදන කොට pen එක format වෙන නිසා Pen එකෙ තියන ඔන කරන  files ටික computer  එකට copy කරගන්න. 

පහත් ආකාරයට rufus window එකේ Device එකට USB pen එක තොරා දෙන්න. Create a bootable disk using: යන cheack Box එක tik කරලා ඉට ඉදිරියෙන් FreeDOS තොරා දෙන්න. දැන් Start Button එක Click කරන්න. තත්පර කිහිපයකින් ඔයාගේ "Bootable DOS USB Drive" එක සැදි අවසන් වෙයි.



 BIOS වල Device Boot වෙන පිලිවෙල වෙනස් කරලා pen  එකෙන් පළමුවෙන්ම computer එක Boot වෙන විදිහට හදා ගන්න.  හදා ගත්ත "Bootable DOS USB Drive" එකට BIOS වල updates files  ආදිය copy කරලා.   pen එකෙන් Computer එක Boot කරලා BIOS Update කරගන්න පුලුවන්.

මේකේ ප්‍රයොජනය BIOS UPDATE කරන එක විතරක්ම නෙමේයි. ඔයා DOS හොදට දන්නවා නම් DOS වලින් දිගටම Pen එක Hard Drive එක විදිහට තියාගෙන වැඩ කරගෙන යන්නත් පුලුවන්.  අපි තාක්ෂනයේන් ඉදිරියට එනකොට තාක්ෂනයේ මුල් අවදිය ගැනත් දැනගෙන සිටිමත් වටිනවා. මතකයේ  Codes සියල්ල තියාගේන DOS වලින් එ කලයේ වැඩකරපු ආකාරය ගැන අත්දැකිමක් ගන්න  ඔයා සාදා ගත්ත "Bootable DOS USB Drive" එකෙන් පුලුවන් වෙයි.

0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top