Sunday, December 9, 2012
2 comments

රතු වැස්සේ අභිරහස සොයා යාම...........

7:51 AM


"රතු වැස්ස"(Red Rain) නොවැම්බර් (2012) මාසයේ ලංකාවේ විවිධ  සිදුවු අසාමාන්‍ය වර්ෂාපතනය හේතුවෙන් බොහෝ දෙනාගේ අවධානය යොමුකරගෙන ඇති වචනයක්ය. වර්ෂාපතන ජලයේ රතු පැහැයක් ගත් නිසා එම සිදුවිමට "රතු වැස්ස"  යන ලැබිනි. මේ වන විට බොහො දෙනා කුතුහලයෙන් සිටින මේ රතු වැස්සේ අභිරහස පිලිබදව බො‍රැල්ල වෛද්‍ය පර්යේෂන ආයතනය හා මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ ප්‍රමුඛ පර්යේෂන කණ්ඩායමද විද්‍යාත්මක පර්යේෂන සිදුකරමින් පවති.


ලංකාවේ පලමු වතාවට නොවැම්බර් මාසයේ මේ රතු වැස්ස සිදුවුවත් මිට පෙර කිහිප වතාවකදීම ඉන්දියාවෙ කේරල ප්‍රාන්තයට මෙවැනි රතු වැසි ඇද හැලි ඇත. 2001 සිට 2008 දක්වා විටින් විටත් 2012 එනම් මේ වර්ෂයේ දිත් කේරලයේන් රතු වැසි වර්තාවි ඇත. ඉන් 2005 වර්ෂයේ මාස 2ක් පුරාවට ඇද හැලුනු වර්ෂාපතනය විශේෂ තැනක් ගනි. ඉන්දියාවේ සිදුවිම ගැනද පර්යේෂන පවත්වන්නෙ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් විසිනි. එහි පර්යේශන කටයුතුද තවම නිමාවි නැත. ඉන්දියාවේ සිදුවු රතු වැස්සේ ලංකවේ සිදු වු රතු වැස්ස්න් වෙනස් වන්නේ  රතු වැස්සට පෙර විශාල පිපිරිමක් සිදුවිම හා ටොන් ගනනක රතු ද්‍රව්‍ය එහි අන්තර් ගත විමයි. කේරල ප්‍රාන්තයම බියට පත්කල එම රතු වැස්සෙ පර්යේෂන තොරතුරු වලට අනුව එම වැසි ජලය ලවන ද්‍රව්‍ය වලින් යුක්ත වන අතර එම ද්‍රව්‍ය අල්ෆා සෛල වලට සමානය.

ලංකාවට "රතු වැස්සේ" මුල්ම අත්දැකිම ලැබෙන්නේ සෙවනගල ප්‍රදේශයේ අයටයි. ඉන් පසු මොනරාගල ප්‍රදේශයට ක්‍රමයේන් මෙම රතු වැස්ස ව්‍යාප්ත විය. කරුවලගස්වැව ප්‍රදෙශයට පැය ගනනක රතු වැස්සක් ලැබිමේන් පසු නොවැම්බර් මාසයේ අවසාන වතාවට මීගලලැවට මිනිත්තු 15 ක පමන රතු වැස්සක් ලැබිනි. එම ප්‍රදේශ වල රතු වැස්සේ ජල සාම්පල ‍රැගේන බො‍රැල්ල වෛද්‍ය පර්යේශන ආයතනය කල මුලික පර්යේෂන වලින් එම රතු වැස්සේ DNA හෝ RNA රහිත ඇල්ගි විශෙෂයක් අන්තර්ගත බවට ආනාවරනය විය. එනම් කිසියම් ජිවි  ක්‍රියාවලියක් එම සාම්පල වල සිදුවි ඇත. මේ සොයාගැනිමත් හා මේ දවස් වල ලංකාවේ විවිධ ප්‍රදේශ වලට දිස් වන හදුනා නොගත් ආකාශ වස්තු නිසා පිටසක්වල ජිවින් පිලිබද කතාබහා කාලයකට පසු කරලියට පැමින ඇතේ එම සිදු විම් දෙකම ආසන්න කාල වලදී සිදුවිම නිසා විය යුතුය.

DNA හෝ RNA නොමැති ඇල්ගි විශේෂය

දැන් අලුත් රතු වැස්සක ජල සාම්පල මහචර්ය චන්ද්‍රා වික්‍රමසින්හට ලංකාවෙන් ලැබි ඇති නිසා රතු වැස්සෙ අලුත් සොයා ගැනිම් කිහිපයක් එතුමාගේන් බලාපොරොත්තු විය හැකිය. එතුමා "පැන්ස්පමියා වාදය" විශ්වාස කරන තාරකා ජිව විද්‍යාඥයෙකි. එනම් ඔහුගේ මතය පෘතුවිය මතුපිටට අමතරව අභ්‍යාවකාශයේත් ජිවි සෛල තිබෙන බවයි. පෘතුවිය මත ජිවය ඇති වුයේ විශ්වයේ වෙනත් කොතැනක හො සිට පැමිනි ජිවයකින් බව ඔහු තවදුරටත් විශ්වාස කරයි. එතුමාගේ අතිත පර්යේශන වලට අනුව අපේ සුර්ය්‍ය ග්‍රහ මන්ඩලය හැර විශයේ පැතිරි ඇති අනෙකුත් දහසක් වු සුර්ය්‍ය ග්‍රහ මන්ඩලවල ජිවය පවතින ග්‍රහ ලොක පවතින බව තාක්ෂනික තොරතුරු පදනම් කරගේන පෙන්වාදී තිබේ.  මේ රතු වැස්සෙ පවතින ඇල්ගී විශේශය එවනි ග්‍රහ ලොකයක සිට පැමිනි හෝ අභ්‍යවකාශයේ සිට උල්කාපාතයක් මගින් පැමිනි ජිවි විශේශයක්ද? එම රතු වැස්සෙන් තවම මිනිසාට හානියක් සිදුවි නොමැති වුනත් එ පිලිබදව වැඩිදුර ගවේශනය කිරිමතාරකා ජිවවිද්‍යා ක්ෂෙත්‍රයට වැදගත් දෙයකි. 

තාරකා ජිව විද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ

පිටසක්වල ජිවය පිලිබදව කුතුහලයේන් ඉන්න අයටනම් මේ සිදුවිම රසවත්  අත් දැකිමකි. දැන් කවුරු කවුරුත් බලගේන සිටින්නෙ ඒ රසවත් හා අත්භුත සිදුවිමේ අවසන් පර්යේශන තොරතුරු පැමිනෙන තෙක්ය. එමගින් මේහි සැබැ සිදුවිම හෝ සැබැ තත්වයට ආසන්න තොරතුරක් හො දැනගැනිමට පුලුවන් වේවි. ඔයාත් සමහර විට මේ රතු වැස්සෙ අත්දැකිම ලැබු අයේක් වෙන්න ඇති නැත්නම් මෙ පිලිබදව තවත් තොරතුරු දන්නවා ඇති. ඒ අත්දැකිම් හා තොරතුරු ගැනත් කැමතිනම් comment එකකින් එකතුකරන්න. ඉදිරියට "රතු වැස්සෙ අලුත් තොරතුරු ගැන තවත් ලිපියකින් සොයා බලමු.

2 comments:

  1. එයාල කියනව අපි අහන් ඉන්නව.... දැනුවත් කලාට ස්තූතියි මචන්

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වුවාට ස්තුතියි.......පෙට්ටියේ.....හරස්කඩ..මචන්

      Delete

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top