Friday, August 23, 2013
0 comments

කිරිපිටි සමග කරලියට පැමිනි DCD Chemical එක.

9:26 AM



අවුරුදු ගානක් තිස්සේ කිරි විදුරුවකින් හරි තේ කොප්පයකින් හරි දවස පටන් ගත්ත ලංකාවේ අපේ අය දැන් වෙනත් පානයන්ගේන් ඒ පුරුද්ද පිරිමසා ගන්න උත්සහ දරනවා. එ කිරිපිටි වල DCD කියලා Chemical එකක් අඩංගු වෙලා කියලා ලංකාවේ ITI එකෙන් මෙන්ම විදෙශිය පරික්ෂනාගරවලින්ද තහවුරු කරපු කාරනාව හින්දයි. ලංකාවම වෙනස් කල කිරිපිටි වලට  මිශ්‍ර වු මේ DCD Chemical එක කියන්නේ මොකක්ද? අපි DCD ගැන වැඩි දුර යමක් දැන ගනිමු. 


DCD වල රසායනික ව්‍යුහය හා ලක්ෂන



අවුරුදු 30කට විතර කලින් නිපදවා සංවර්ධනය කරපු මේ DCD කියලා කෙටි නමකින් අපි හදුන්වන්නේ Dicyandiamide කියන එමයිඩයකි. එනම් සරලව කිව්වොත් කාබනික සංයොගයක්. රසායනික ව්‍යුහය C2H4N4 වන DCD භෞතික ලෙස සුදු පැහැති පවුඩර් එකක් ලෙස හෝ සුදු පැහැති ඝන කැබලි (crystals) ලෙස දැක ගන්න පුලුවන්. DCD වල තවත් රසායනික හා භෞතික විස්තර නම්,

IUPAC නම - 2-cyanoguanidine
සාපේක්ෂ අනුක ස්කන්ධය - 84.08g/mol
ඝනත්වය - 1.400 g/cm3
ද්‍රවාංකය - 209.5 C
තාපාංකය - 252 C
ජලයේ ද්‍රාව්‍යතාවය - 41.3g/l




මේම DCD රසායනිකය රසායනාගරයකදි භාවිතකරන විට  සමේ සහ ඇස් වල දැවිල්ල ඇතිවිය හැකි බව වාර්තාවෙනවා. 


DCD (Dicyandiamide වල භාවිතයන්.



DCD ලංකාවට කිරිපිටි වලට කවලම් කරලා එව්වට DCD වැඩිපුරම රසායන ද්‍රව්‍යක් ලෙස ඉලෙක්ට්‍රොනික කර්මාන්තයේදි, ඔව්ෂධ ද්‍රව්‍ය සකසිමේදි හා. ආහාර ඇසුරුම් කරනයේදි භාවිතා වෙනවා. එසේ ආහාර ඇසුරුම් කරනයට භාවිතාවුනත්. ආහාර වලට මිශ්‍ර විම ආරක්ෂිත කාරනයක් නොවන බව රසායනික විද්‍යාඥයන් තරයේ තහවුරු කර සිටිනවා.


ගවයන්ගේ මුත්‍රා ගඳ වැලැක්විමට DCD



අපිට කිරිපිටි එවපු නවසිලන්තය දිහා බැලුවොත්. එ අය DCD විශාල ලෙස භාවිතාකරනවා. DCD කිරිපිටි වලට මිශ්‍ර කරලා අපිට එව්වට, එ කට්ටිය DCD තණබිම් වලට යොදන්නේ ගවයන් මුත්‍රා කිරිමේන් ඇති වන ගඳ පැතිරිම වැලැක්විමට. එ DCD  වල නයිට්‍රිකරනය නිශේධනය කිරිමේ හැකියාව නිසා. මුත්‍රා වල තියේන යුරියා නයිට්‍රිකරනයට ලක්විම නිසා පිටවන ඇමොනියා නිසා තමයි අපිට ගඳක් දැනෙන්නෙ. DCD වලින් මේ නයිටිකරනය වලක්වන නිසා මුත්‍රා වල යුරියා නයිට්‍රිකරනය විම නැවති ඇමොනියා පිට විමත් නවතිනවා.

එමෙන්ම මේ DCD වල  නයිට්‍රිකරනය නිශේධනය කිරිමේ ගුනය නිසා එවා නවසිලන්තයෙදි මෙන්ම වෙනත් රටවල දිද විශාල ලෙස කෘෂිකර්මාන්තයට යොදාගන්න්නවා. ඒ පසේ තියෙන නයිට්‍රිජන් මුලාශ්‍ර ඉක්මනින් ක්ෂය වි පස නිසරු විම වැලැක්විමටයි.

 තවද DCD හරිතාගාර ආචරනය  වැලැක්විම සදහා තාක්ෂනික රසායනිකයක් ලෙස භාවිතයට ගනු ලබනවා. එහෙත් DCD සෞඛ්‍යට හානිකර නිසා මෙවෙනකොට  හරිතාගාර ආචරනය වලැක්විමට ගැනිමෙනුත් ක්‍රමයෙන් නතර කරමින් පවතින බවයි පෙනෙන්නේ.

දැන් DCD ගැන ඔයාට යම් දැනුමක් ලැබෙන්න ඇති කියලා විශ්වාස කරනවා. DCD කිරිපිටි වලට යෙදිම අවුරුදු ගානක් තිස්සේ එ අය කරගේන ගියත්. ලංකාවට අනාවරනය වුනේ මේ අවුරුද්දෙදි. එතකොට මේ වෙනකන් අපෙ ශරිරයට කොපමන DCD ප්‍රමානයක් ඇතුල්වුනාද කියලා අපිවත් දන්නේ නැ. අපිට රටින් DCD නැ කියලා ඉදිරියෙදි කිරිපිටි එව්වට එ අය කිරි හදන්න ගන්න ගවයන්ට කන්න දෙන තණකොල  වලටත් DCD ගහලයි තියෙන්නේ. ඉතින් අපිට එ ගැන විශ්වාසයක් තියන්න පුලුවන්ද? තිරනය ඔයාගේ අතේ.  මෙලමයින් වලින් මට්‍ටු නොවුනු අපි මේ DCD අත් දැකිමෙන්වත් මට්‍ටු වෙලා ලංකාවේ අපේ පැරනි  දේවල් අගය කරලා කරලියට ගත්තොත් මේ වගේ හොර දේවල් වලින් අපිට ඉදිරියේදිවත් ආරක්ෂා වෙන්න පුලුවන් වෙයි.

0 comments:

Post a Comment

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top