Wednesday, July 3, 2013
9 comments

Web sever එකක වෙබ් අඩවියක් Host කර අන්තර්ජාලයට එක් කරන හැටි.

7:30 AM


දැන් වෙබ් අඩවි නිර්මාණය ගැන ඉගෙන ගැනිමට ඔනැ තරම් මුලාශ්‍රයන් තිබෙන නිසා අද වෙනකොට ඔන කෙනෙකුට ඉතා සුලු උත්සහයකින් ඉතා සරල website එකක් හදා ගන්න පුලුවන්. අපි Dreamweaver වැනි software එකක් මගින් අටවගන්නා website එකක් හෝ කොහේ හරි තිබිලා download කරගන්නා script එකක් web server යක host කිරිමේන් අන්තර්ජාලයට එක් කරන ආකාරය ගැන මේ ලිපියෙන් විමසා බලමු. අපේ පරිගනකයේ සිට webserver ක ඇති files හැසිර විමට අපිට ftp software එකක් භාවිතා කරන්න පුලුවන්. එමෙන්ම එ සදහා websever යේද ftp setup කළ යුතුයි. නමුත් shared hosting සෙවයක් ලබා ගන්නා විට ftp setup කර දෙන නිසා  අපිට server එක setup කිරිමට අවශ්‍ය වන්නේ නැ.

Hosting සේවා වලින් අපට ලබා දෙන Cpanel එක මගින් එහි files හැසිර විය හැකි වුනත්. අපේ පරිගනකයේ ඇති files webserver එකට upload කිරිමට හා එහි ඇති files අපේ පරිගනකයට. ලබා ගැනිමට ftp software එකක් භාවිතා කිරිම මගේ අත් දැකිම අනු ව වඩා කාර්‍යක්ෂම වේ. web අඩවියක් webserver යක host කිරිමට අවශ්‍ය වන මුලික දෙවල් නම්,

1. web hosting සපයන්නා ලබා දෙන ftp ලොගින් details
2. ftp software එකක්

ftp login details ඔබට Cpanel එකකට login විමෙන් ලබාගන්න පුලුවන්. නැතිනම් web hosting සපයන්නා ඔයාට එවා ඇති email එකක එ විස්තර හොයා ගන්න පුලුවන්.


ftp software  එකක් ලෙස ඉතා ජනප්‍රිය filezilla හෝ winscp වැනි software එකක් අපිට download කරගන්න පුලුවන්.

Upload files to webserver with filezilla

filezilla download කරගෙන install කරගේන open කරගන්න. එහි web hosting සෙවා සපයන්නා ලබා දුන් ftp login details පහත පරිදි ලබා දි quickconnect යන්න ලබාදෙන්න.



ඉන් පසු websever එකට connect විම ඇරබෙයි. connect වු පසු websever එකෙ දැනට ඇත් files වම් පසින් හා. අපේ පරිගනක්යේ ඇති files දකුනු පසින් පෙන්වයි.

webhosting සෙවා සපයන්නා අපගෙ files upload කලයුතු file එක්ක් දි ඇත්නම් එ තුලට පිවිසෙන්න

දැන් අපිට අපගෙ website එකේ files uplaod කරන්න පුලුවන්. පහත පරිදි note pad එකක් ලියපු සරල web page එකක් index page එක ලෙස upload කරන විදිහ උදා හරනයක් ලෙස බලමු

<html>
<head>
Myfirst web page
</haed>
<body>
This is my first web page
</body>
</html>

දකුනු පස files වලින් අදාල file එක තොරා එ මත් right click කර upload යන්න ලබා දෙන්න.



 එවිට files webserver එකට upload විම ඇරබෙයි. 
දැන් අපේ website එක අන්තර්ජාලයට එක් වි අවසන් websever යට connect කර ඇති domain name එකෙන් website එකට පිවිසෙන්න පුලුවන්.

upload කළ web page එක:test1.lk.4p.org

files upload කරන ආකාරයටම webserverය තුල ඇති files download කිරිම delete කිරිමට හා අනෙකුත් හැසිරවිම් කිරිම filezilla හරහා කරන්න පුලුවන්.



මේ විදිහට website එකක් අන්තර්ජාලයට එක් කරන හැටි lk.4p.org වැනි free web hosting සෙවයක් භාවිතා කරලා අත්හදා බලන්න. 

9 comments:

  1. හොද Post එකක්.. ගුඩ් ලක්..

    ReplyDelete
    Replies
    1. comment කලාට ස්තුතියි! cheer

      Delete
  2. scl net ekata web ekak host karana vidiya gena post ekak dannako. :-?

    ReplyDelete
    Replies
    1. http://www.schoolnet.lk/sch/domain_request.php මේ ලින්ක් එකෙන් ගිහින් sch.lk sub domain name එකක් request කරන්න ඔනේ. එකට ඔයාගේ school එකට වෙනම ID එකක් එ කට්ටිය දෙනවා එක principle ගෙන් හරි schoolnet එකෙන් හරි දැන ගන්න ඔන. ඉට පස්සෙ. domain එකට එ කට්ටිය දෙන web space එකේ හරි අපේ web space එකට DNS setup කරන්න.එ කට්ටිය දෙන web space එකට මේ පොස්ට් එකේ තියෙන විදිහට web site එක upload කරන්න පුලුවන්.

      Delete
  3. Quite decent, stunning, fact-filled knowledge right. Any reports Don't sadden, and also most certainly holds true right additionally. You will frequently can result in a helpful look at. Will you indicate to We're content?: )#) Preserve the fantastic articles or reviews.
    http://melhor-hospedagem-de-sites.strikingly.com/

    ReplyDelete
  4. එල නියමෙට කරලා තියනවා

    ReplyDelete

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top