Sunday, December 15, 2013
3 comments

තමන්ටම කියලා Personal Website එකක් නොමිලේ හදාගන්න හැටි.

7:30 AM



අද වෙනකොට ඉස්කොලේ පහේ පන්තියේ ඉන්න පොඩි කෙනාගේ ඉදලා සැම කෙනෙකුම තමන්ටම කියලා Personal website එකක් හදා ගන්න පෙලබෙනවා. එ තමන්ව සම්බන්ද කර ගැනිමට තොරතුරු හා අනෙකුත් විස්තර  අන් අයට තමන්ගේ Personal website එක හරහා පහසුවෙන් දැනුම් දිමට හැකියාවක් තිබෙන නිසාය. තමන්ටම කියලා ව්‍යාපාරයක් කරගෙන යන අයට personal website එකක් හරිම වැදගත්.

ඔයාගේ facebook,twitter,Google+.. profile වල "website" කියන තැන හිස්වද තියෙන්නෙ? එහෙනම් එතනට දාන්න පුලුවන් විදිහේ ලස්සන personal website එකක් හදා ගන්න ආකාරය අද විමසා බලමු.


Choose a free web hosting and free doamin

පලමුව අපේ personal website එක host කරන්න හොද Hosting provider කෙනෙක් තොරා ගන්න ඔනේ. ශ්‍රිලාංකික වන අපට personal website හදාගන්න Hosting සපයන හොද සෙවාවක් ලෙස Srilankan.pw හදුන්වා දෙන්න පුලුවන්. Personal website එකට අවශ්‍ය domain name එකක් නොමිලෙම srilankan.pw මගින් සපයනවා. එ වගෙම Website builder එකකුත් දෙන නිසා web designing දැනුමක් නැති කෙනෙකුටත් පහසුවෙන් තමන්ගේ personal website එක හදාගන්න පුලුවන්.




Create personal website

srilankan.pw website එකට පිවිස එහි ඇති order form එක පුරවලා Account එකක් order කරන්න. ඉට පස්සෙ ඔයාගේ email එකට එවන email address එක confirm කරලා control panal  එකට පිවිසෙන්න පුලුවන්.

Control panel එකේ Hosting tab එක යැටතෙ තියෙන create new account යන්න තොරන්න.


ඉන් පසු Hosting plan එක විදිහට Gereral Free! යන්න තොරන්න.


ඉට පස්සේ subdomain යැටතේ ඔයාගේ නම ලබාදෙන්න. එතකොට ඔයාගේ personal website එකේ URL එක yourname.srilankan.pw ලෙස ලැබෙවි. එහි තියෙන passwords ආදිය ලබාදි Acc එක create කරගන්න.


Acc එක creat උනාට පස්සේ එහි විස්තර ඇතුලත් email එකක් ඔයාගේ email එකට ලැබේවි. දැන් Hosting හා Domain name එක සුදානම්. personal site එක හදා ගන්න Control panel එකේ Hosting යැටතෙ ඔයාගේ ඩොමෛන් එකට අදාල panel එකට පිවිසෙන්න. ඉන් පස්සෙ ලැබෙන Cpanel එක තියෙන website builder එකෙන් ඔයාගේ Personal site එක හදා ගන්න පුලුවන්.


web site builder එකේන් වැඩ කරන ආකාරය ගැන srilankan.pw තුල සිංහලේන් සදහන්ව ඇති නිසා පහසුවෙන් ඔයාගේ website එක නිම කරගන්න පුලුවන් වෙවි.
web site builder
මේ විදිහට personal website එකක් හදන්න සතයක් වත් වැයවන්නේ නැ srilankan.pw මේ සෙවාව නොමිලේම ලබා දෙන නිසා වෙබ් අඩවි නිර්මාණය පිලිබද දැනුමක් නැතත් ඉතා ඉක්මනින් ඔයගේ personal site එක හදාගන්න පුලුවන්. ඉතින් දැන්ම personal website එකක් හදාගෙන facebook, twitter.....profiles වලට දාලා යාලුවන් එක්ක share කර ගන්න........

3 comments:

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top