Wednesday, May 15, 2013
5 comments

Hackers ලගේ තොප්පි වල පාටින් කියන දේ

7:30 AM




Hacker කෙනෙක් කිව්වාම සමහරකුගේ සිතට නැගෙන්නේ, ටිකක් අදුරු සහගත සිතුවිල්ලක් එ වුනත් අද තාක්ෂනික ලොකයේ සිටින Hackes ලා අනුන්ගේ යහපත වෙනුවෙන් වැඩ කරනවා මේන්ම අන් අයගේ අයහපත සදහාම වැඩ කරනවා. මේ විදිහට විවිධ වැඩ කරන Hacks ලා තාක්ෂනික ලොකයේ හදුනා ගැනිමේ පහසුවට "Black hat'. "White hat"' හා"Gray hat" ලෙස ඔවන් ගේ හැසිරිම අනුව නම් කරනු ලබනවා. අපි ඒ කියන Hats ගැන හොයලා බලමු.

Black Hat Hacker


ජනමාධ්‍ය මගින් වැඩි පුරම ප්‍රසිද්ධියට පත් වන්නේ මේ Black Hat Hackes ලයි. මොවුන් තම පෞද්ගලික අවශ්‍යතාවය පරිදි විවිධාකාර වු cyber අපරාධ සිදුකරනු ලබනවා. උදාහරන ලෙස credit card වල දත්ත හොරකම් කිරිම විවිධ පුද්ගලික තොරතුරු හොරකම් කිරිම වැනි අපරාධ වල සිට මහා පරිමාන පරිගනක ජාල නිති විරොධි ලේස hack කිරිම වැනි අපරාධද එම පද්ධති වල ආරක්ෂක පද්ධති බිද දමමින් සිදුකරනු ලබනවා.

මෙසේ hack කිරිමේන් ලබා ගන්නා රහස් තොරතුරු අපරාධ සංවිධාන වලට විකිනිමටද මොවුන් පසුබට වෙන්නේ නැ. මේසේ පරිගනක අරක්ශක පදධති බිද දමනකොට ඔවුන්ට සතුරන් සවභාවයේනම ඇතිවේනවා. එවැනි සතුරන්ට Black Hats ලා උත්තර දෙන්නේ DDOS ,BOTNET වගේ ආයුධ වලින්..

White Hat Hacker


100% යහපත් දේ වෙනුවෙන් පමනක් තමන්ගේ දැනුම උපයොගි කරගන්නා. පිරිස white hats නැතිනම්  ethical hackers ලෙස හදුන්වනු ලබනවා. මොවුන් Black Hats ලාට 100% වේනස් කට්ටිය ලෙස හැදින් වුවද නිවැරදියි..

මොවුන් සාමාන්‍යයේන් කිසියම් වු ආයතනයකට බැදි සේවය කරන අතර අවසරය පරිදි එම ආයතනයේ පරිගනක ආරක්ෂන පදධතියේ ඇති දෝෂ සොයා පෙන්වා දි එවා නිවැරදි කරනු ලබනවා. එමෙන්ම විවිද ආයතන වල අවසරය ලබගේන එවායේ web site හා ජාලයන්ගේ ආරක්ෂක දොෂද සමනය කිරිම මොවුන් අතින් සිදුවෙනවා.. මොවුන් සොයා ගන්නා security vulnerability එකකට ඉහල ගේවිමක් සිදිකිරිමද එම ආයතන වලින් වග බලා ගන්නේ පරිගනක පද්ධතිය ආයතනවල ජිවනාලය බදු නිසාය.

එමෙන්ම black hats ලාගේන් ප්‍රහාරයට ලක් වූ පද්ධති නැවත යතා තත්වයට පත් කරන්නේ, ප්‍රහාරයට ලක් වු ආයතනයේ අවසරය පරිදි මෙ White hat hackers ලාය. white hat කෙනේක් විමට පරිගනක ආරක්ෂනය පිළිබද අසිමිත දැනුමක් අවෂ්ශ්‍ය බැවින් දක්ෂ White hats hacker කෙනේක් සොයා ගැනිමටද අපහසු බවයි සමහරු විශ්වාස කරන්නේ.

Gray Hat Hacker


White hats ලා හා Black hats ලගේ එකතුවක් ලෙස Gray hats ලා හදුන්වලා දෙන්න පුලුවන්. මොවුන් නිති විරොධි වැඩ සිදු කරත් එය ඔවුන්ගේ පෞද්ගලික අවශ්ෂ්‍යතාවයක් පිට සිදුකරන්නේ නැ.

සාමාන්‍යයෙන් යම් ආයතනයක පරිගනක පද්ධතියකට දැනුම් දිමක් නොකර හොරේන් ඇතුලු වි. එහි ඇති ආරක්ෂක දොෂයක් නිවැරදි කර. පසුව එ බව එ ආයතනයට දැනුම් දෙන එක තමා Gray hats ලගේ පුරුද්ද. මොවුන් white hats ලගේන් වෙනස් වෙන්නේ එසේ ආයතනයට දැනුම් දිමක් නොකර ආරක්ෂන පද්ධතියට ඇතුල් වෙන නිසයි.

මෙසේ gray hats ලා යම් software එකක හෝ website එකක ආරක්ෂක දොශයක් සොයාගේන එහි අයිතිකාරයන්ට සමහර  විට එ බව දැනුම් දි, නිවරදි කරගැනිමට ඉඩ ලබා දිමක් සිදු කරයි. නමුත් black hats ලා එවැනි අවස්ථා වලින් උපරිම ප්‍රයොජනය ලබාගන්න දෙවරක් සිතන්නේ නැ.

Hackrs ලාගේ හැසිරිම අනුව ඇත්තෙන්ම ලොකයට වැඩදායක වන්නේ White hats ද? Black hats ද? Gray hats ද? එසෙ නම් ඔයා දාගන්න කැමති මොන තොප්පියද?


5 comments:

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top