Saturday, April 20, 2013
One comments

එකම Web Site එකක Accounts ගනනාවකට එකම වෙලාවකදි Log වෙන හැටි...

7:30 AM


Log in to a website with multipe accounts


අන්තර්ජාලය තුල ගොඩාක් අය සැරි සරන්නේ එක එක වේලාවට එක එක මුහුනු වලින්නේ. උදාහරනයකට facebook එකේ එක් අයෙකු profiles එකකට වඩා තියාගෙන එක එක වෙලාවට තමන්ගේ අවශ්‍යතාවය පරිදි විවිද Accounts වලට log විම පෙන්වාදෙන්න පුලුවන්. මෙසේ විවිධ වතාවලදි log වන accounts සියල්ලට එකම වතාවකදි log වෙන්න පුලුවන් මර්ගයන් ගැන අපි හොයලා බලමු.

Web අඩවියකට Log වෙනකොට ඒ බව Browser එකට විශේෂ වු Cookies තුල ගබඩා කරගන්න්වා. එම නිසා එක් වරකදි සාමන්‍ය විදිහට එකම web Browser එකකින් accounts කිහිපයකට log වෙන්න බැ. එ නිසා open කරන නව window එක එයටම විෂේශ වු cookies සහිතව open කරගන්න අපිට වෙනවා. එවිදිහට අලුත් Cookies සහිතව Browser window එකක් open කරගන්න අපිට තියේන මාර්ග ගැන එකින් එක විමසා බලමු.


වේනත් Browser එකක් භාවිතා කරන්න.


විවිධ Browsers තමන්ට ආවේනික cookies ගබඩා කරන නිසා. විවිද browsers වලින් එක් වරකදි එකම web site එකක accounts කිහිපයකට log වෙන්න පුලුවන්. උදා හරනයක් ලැස ඔයා දැන් chorme වලින් facebook log වෙලා ඉන්නවානම් Firefox බාවිතා කරලා එ වේලාවෙදිම වෙනත් facebook account එකකට log වෙන්න පුලුවන්.


Private Browsing හෝ Incognito mode භාවිතා කිරිම.


ඔයාට වෙනත් Browsers  භාවිතා කරන්න බැරිනම්. මේ ක්‍රමය එසේ log වෙන්න භාවිතා කරන්න පුලුවන් . Private Browsing හෝ Incognite Mode එකේන් Window එකක් open කරාම භාවිතා වන්නේ එම window එකටම විෂේශ වු අලුත් cookies. එම window එක close කරාම එම cookies වුත් ඉබේම Delete වෙනවා. එ විදිහට private browsing කරන විදිහ බලමු.

Google Chorme තුලදි නම් menu button එක click  කර New incognito window  select කරන්න. එවිට අලුතෙන් Window එකක් open වෙවි.

Firefox තුලදි නම් Firefox button එක click කර start Private Browsing Select කරන්න.


Internet Explorer  තුලදි නම් gear menu icon එක click කර safety හරහා Inprivate Browsing select කරන්න. එවිට අලුතෙන් window එකක් open වෙවි.


මේ ක්‍රම වලට අමතරව විවිධ Browser Profiles භාවිතා කරලත් අලුත් cookies වලින් web sites භාවිතා කරන්නත් පුලුවන් Google Chorme තුලදි Profiles හදන විදිහ ගැන මිට ලියවුනු ලිපියේන් දැන ගන්න පුලුවන්. Google Chrome තුලදි Google Accounts කිහිපයක් එකවර භාවිතා කරන අයුරු..

තව Internet explorer තුලදි New session පහසුකම මෙ වැඩෙට භාවිතා කරන්නත් පුලුවන්. internet explorer තුල file -- > New session තෙරිමෙන් වෙනම Cookies set එකකින් යුත් අලුත් internet explorer window එකක් open වෙවි.


සමහර අයට හිතෙන්න පුලුවන් මේ වගේ පොඩි දෙවල් blog වල ලියන්න වටින දෙවල්ද කියලා.... එ වුනත් මේ වගේ පොඩි tricks ගැන නොදැනුවත්කම නිසාම ගොඩාක් දෙනෙක්, වැඩ පහසු කරගන්න තියේන computer එකත් එක්ක දුක් විදිනවා කියන එකත් අපි අමතක කරන්න හොද නැ...



1 comments:

මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න......

 
Toggle Footer
Top